මැතිවරණ නීති උල්ලංඝන කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 73ක් දක්වා ඉහළට

0
22


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ ඒ අතර අපේක්ෂකයින් 16 දෙනෙකු ද වන බවයි. 

අත්අඩංගුවට ගත් සෙසු පිරිස ආධාරකරුවන් වනවා. පසුගිය මාර්තු 03 වනදා සිට අද උදෑසන 06 දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම කාලය තුළ මැතිවරණ පැමිණිලි 164ක් ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ඉන් 130ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි වනවා. 

සෙසු පැමිණිලි 34 ලැබී ඇත්තේ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි ලෙස බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here