Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මාළිගාව අසළදී පොලිස් හා යුද හමුදා ආරවුල සම්බන්ධයෙන් විමර්ශන

මාළිගාව අසළදී පොලිස් හා යුද හමුදා ආරවුල සම්බන්ධයෙන් විමර්ශන

0
13


investigations-into-the-police-and-army-clash-near-the-palace

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වන්දනාමාන පෝලිමක් අසළ සිට රාජකාරියේ නියුතු යුද හමුදා සෙබළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ ව්‍යාප්ත වෙමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, මෙම සිදුවීම පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගය මත සවිස්තරාත්මක විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එම විමර්ශන කටයුතු මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් මෙහෙයවනු ලබන බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය අනුව,
මෙම සිද්ධිය ඇති වී ඇත්තේ අදාළ හමුදා නිලධාරියා සැදැහැවතුන් අඩුවෙන් රැඳී සිටි පෝලිමකට පිරිසක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදීය. මෙම අවස්ථාවේදී රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියා එම හමුදා නිලධාරියාට බැණ වැදී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වීමත් සමඟ මහජන අවධානය යොමු වී ඇති අතර, ආරක්ෂක අංශ නිලධාරීන් අතර ඇතිවන මෙවැනි ගැටුම් ජාතික ආරක්ෂාවට මෙන්ම ආරක්ෂක අංශවල අන්තර් සබඳතාවලටද බලපෑම් ඇති කරන බව විශේෂඥයින් පෙන්වා දෙයි.

පොලිස් මාධ්‍ය අංශයේ නිවේදනයට අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන කටයුතුවල ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here