මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක් මිලදී ගැනීමට යාමේදී වෙළඳසැල් හිමිකරුවකු තමන්ව දුටු සැණින් එහි මිල රුපියල් ලක්ෂ එකහමාරකින් අඩු කළ බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා පවසයි.

“දැන් ගොඩක් අයට ඉතිහාසය අමතකයි, හැබැයි මොන ක්‍රමයෙන් හරි කමක් නෑ අපිට තමයි දැන් මේකට කරගහන්න වෙලා තියෙන්නෙ.

ගල්රෝල් 3ක් ගන්න තීරණය කළා. මේ එහා පැත්තේ ස්ලිට් එක ගාව තියෙන වාහන අංගනයකට අපි ගියා. ලක්ෂ 8යි. මාව දැක්ක ගමන් කිව්වා ලක්ෂ හය හමාරකට දෙන්නම් කියලා. වෙනස මේකයි. විශේෂයෙන්ම අපේ ඉන්නවා සමන්ත කියලා මන්ත්‍රීවරයෙක් යාකාලෙ, එතුමාව ඇරියා ලක්ෂ හය හමාරක් දීලා ගන්න, එයාව දැක්කාම ලක්ෂ හයට ඒක අඩු කළා. මේ වෙනස බලන්න, විවේචනය කරන්න කලින්”

කඩුවෙල නගරාධිපතිවරයා මේ බව පැවසුවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවක් අමතමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here