ලෝක කම්කරු දින ජාතික ජන බලවේගයේ මැයි රැලිය සදහා දිවයින පුරා බස් රථ 6632ක් පමණ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම් දී ඇති බව රථවාහන පාලන හා මහාමාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ අනුව එම බස් රථ මගින් දෙලක්ෂ විසිඑක්දහසක පිරිසක් ගාලු මුවදොරට පැමිණෙනු ඇති බවද ඒ මහතා පැවසීය.
එම බස් රථ කොළඹට පැමිණෙන විට බස් රථ ගාල් කිරීම සදහා ඛාන් වටරවුම, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට, රීගල් සිනමා හල ඉදිරිපිට, පැරණි මැනිං මාකට් වෙළදපොළ, ගාමිණී වටරවුම, බාලදක්ෂ මාවත, ගාලු මැද පාර, පැරණි එම්.ඔ.ඩී. ප්‍රදේශය, ගුවන් හමුදා මූලස්ථාන ප්‍රදේශය ඉදිරිපිට, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, නෙළුම් කුළුණ ප්‍රදේශය, කොල්ලුපිටිය ප්‍රදේශයේ රථ ගාල් සූදානම් කර ඇති බව ද හපුගොඩ මහතා කීය.
ලංකාදීප
Saru FM Media