මාරවිල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

0
13


මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අසේල සිල්වා මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, නඩු කටයුතුවලදී අක්‍රමිකතා සිදු කර ඇතැයි යන චෝදනා යටතේයි. 

ඔහු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ ගාමිණී අමරසේකර මහතා ඒ පිළිබඳ විමර්ශන සිදු කර තිබෙනවා.

එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා කිසිවෙකුටත් නොදන්වා නීතිඥවරුන් ලෙස මාරවිල අධිකරණය වෙත ගොස් එහි කටයුතු නිරීක්‍ෂණය කර ඇති අතර එහිදී ද මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇති ඇතැම් චෝදනා සම්බන්ධයෙන් සනාථ වී ඇති බවයි වාර්තා වුණේ. 

අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඒ අනුවයි.    
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here