මාටිස් ගැසූ ගල දුරට වැදෙයි

0
3


නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

අප කාලයක සිට රගර් ක්‍රීඩාවේ අයාලයේ යන ගමන පවතින් ව්‍යවස්ථාව මත නිවැරදි පරිපාලනයක් වෙත පැවරිට යුතු බව කීම රගර් තරගාවලියක තරග දෙකක් කර ගැනීමට අපොහොසත් නිලධාරි කණ්ඩායම් විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔළුවට ගසාම පෙන්නා දී ඇත.ඒවා සුනිල් කුමාර ගමගේ ට දණහිසෙන් උඩට ගන්න ඉඩක් නැති බලයක් ඒ නිලධාරි මත අමාත්‍යවරයාට ඉහළින් තබා තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.එහෙත් අප නැවත නැවතත් නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියේ වියදම් විගනනය කර ප්‍රසිද්ධ කරන ලෙස කියන්නේ එය සුනිල් කුමාර ගමගේ ගේ සුනිල නාමයේ ද මඩ කැලතී ගෑවී විනාශ නොවන්නටය.මේ මොහොත වන විට එම තරගාවලිය අභ්‍යන්තරය එළියට ගෙන එමින් පුහුණුකරු සනත් මාටිස් ඉල්ලා අස් වී ඇත.

මාටිස් කිසිවක් කවුරු හෝ ඉලක්ක කරගෙන නොකීවද මේ වීඩියෝ දර්ශනය නැරඹීමෙන් යම් දෙයක් අවබෝධ කර ගැනීමට හැකිය.එසේම නොපෙනෙන පැති සහ නොකියන කතා ද විශාල වශයෙන් එළියට ගලා එමින් ඇත.

https://www.youtube.com/watch?v=RO5gC5BBsnc
ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා මේ ආකාරයට කියන්නේනම් එහි මූලික වරද පැටවෙන්නේ ඔහු වෙතය.තෝරන කණ්ඩායම මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයද පිටියට බසින්නේ ඇමතිවරයාගේ අනුමැතියෙන්ය.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා තාවකාලික රගර් පරිපාලකයාය.සියල්ලටම වඩා සදාචාර නොමැති වුව ද,ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා මේ තරගාවලිය මෙහෙයවීමේ ප්‍රධානියා වී ඇත.

අමාත්‍යවරයාට උපදෙස් දෙන ප්‍රධාන වගකීමක් දරන සහ තරගාවලියේ ඉහළින්ම වැජඹෙන අතර පුහුණුවීම් ගැන පළ කරන අප්‍රසාදයද සදාචාර සම්පන්න නැත.එහි අවුලක් ඇත්නම් ඊට හේතු වශයෙන් වන අඩුව නොපිරවීමේ වගකීමේ විශාල කොටසක්ද ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියාට අයත් වන්නේය.රටේ වැඩි වශයෙන් දකින්නට ඇති ක්‍රීඩාවන් දෙවැනි තෙවැනි කොට වැඩි පිරිසක් ජාතික ක්‍රීඩා සභාවට නම් කර තිබියදී,එහි නිවැරදි තේරීමක් නැති බව පැවසීමේ අර්බූදයට පෙරළා ජාතික ක්‍රීඩා සභාවද වගකිව යුතු නැද්ද?ඔවුන් තරග කිරීමෙන් පසුව මේ තත්ත්වය අවබෝධ කර ගන්නේනම් පවතින රගර් සම්බන්ධයෙන් දැණුම යාවත්කාලීන වී නැති අතර බහුතරයක් නියෝජනය කරන ක්‍රීඩාවේ තත්ත්වය එබඳුනම් අනෙකුත් ක්‍රීඩා ගැන කවර කතාද?
ප්‍රියන්ත ඒකනායකගේ කණස්සල්ල ක්‍රීඩාවේදී නවසීලන්තය පරාජය නොකිරීම ගැනය.පරාජය කරන්නට හැකියාව තිබියදී ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගැනිම ගැනය.එහි අනිත් පැත්තට අප එබී බැලුව විට තත්ත්වය ඊට වඩා වෙනස්ය.මේ තරගාවලිය වෙනුවෙන් එකතු කර ගැනීමට සාකච්ඡා කර තිබුණ මුදල මිලියන 50 ඉක්මවන බවට ද,ඊට වඩා මුදලක් ලැබුණු බවට ද,එයින් ශ්‍රී ලංකා රගර් ගිණ්මුට එකතු වී ඇති මුදල කොපමණ ද යන්නත්,වාර්තා වන ගණන් සමඟම විගනනයකට භාජනය කළ යුතුය.එසේම මේ මුදල්වලින් කළ දේ මොනවාද?

නිරන්තරයෙන් පරාජයේදීත් සාද දැමීම හැරෙන්නට මේ අසීරු අවස්ථාවට පිටියේදි මුහුණ දුන් සහ ඒ වෙනුවෙන් ඔවුන්ව සූදානම් කළ පුහුණුකරුවන් ගැන ද සැළකිල්ල යොමු කළ විට ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට කොපමණ මුදලක් ගෙවා ඇද්ද? ක්‍රීඩකයින් සමඟ තරගාවලියට පෙර එකඟතා ගිවිසුමක්වත් අත්සන් තබා නැත.මේ කාරණා ඇමතිවරයා මදකට ප්‍රියන්තට වඩා ඉහළින් තමන්ට ඇති බලය පාවිච්චි කර පරික්ෂා කර බැලිය යුතුය.ඊට ඉහළ මන්දිරවලින් බලපෑම් එල්ල වන්නේනම් තමන්ගේ වරලත ගණකාධිකාරී තනතුර ගැන අවධානය යොමු කිරීම කොඳු ඇට නැති ලෙස නැමෙන්න යනවාට වඩා යහපත්ය.

ක්‍රීඩා අමාත්‍යවරයා කලෙක සිටම ප්‍රියන්ත ඒකනායකලාගේ තනතුරු සමග හැසිරෙන්නේ සීතාම්බර සළු දවටා ගෙනය.පාර්ලිමේන්තුවේදී පවුම් 50000 ක් ගැන නාමල් රාජපක්ෂට දෙසා බෑවේ සිය යුරෝපීය ඇඳුම් කට්ටලය හොඳින් පරිමදිමින්ය.ඒත් පාර්ලිමේන්තුවෙන් නික්ම පැමිණ ඒ පවුම් 50000 සිඳුවීම වන විට පරිපාලනයේ සිටි ප්‍රධාන විධායකයාගෙන් ක්‍රීඩාව ගැන උපදෙස් ගන්නට වීමත්.එහි සභාපති ආසියානු නිලයක් සමඟ පැමිණි විට ඔහු සමඟ එකට අසුන් ගෙන කා බී සතුටු සාමිචියේ යෙදෙන්නටත් පාර්ලිමේන්තුවේ ඇඳ සිටි වැදගත් වස්තරය පිටින්නම් කළ නොහැකිය.ලැජ්ජාව සම්පූර්ණයෙන් සිඳ ගත් අයෙකුට මිස කෙනෙකුට වංචාවක් පිළිබඳ දොස් පවරා එය සිඳු කිරීමට සහ එයින් රටට හානිවන ආකාරයට තීරණය ගත් පාලකයන් වට කර සිටීමට හැකිද?

මෙහි වීඩියෝව නැරඹු අයෙකුට ප්‍රියන්ත මේ කිසිම තේරීමකට අදාළ නැති බව හැඟවීමට උත්සාහ කරන්නේය.එහෙත් මේ කණ්ඩායමට අවසාන අවසරය ලැබෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ය.අමාත්‍යවරයාට ප්‍රියන්තලා නිවැරදිද යන්න පරික්ෂා කිරීමට හෝ ඔවුන් අතින් සිදු වී ඇති ජාත්‍යන්තර මට්ටමේ වැරදිවලට දඩුවම් දීමට හැකියාවක් නැතත් ප්‍රියන්තලාට යටි අතින් තේරීම අවුල් බවට අවසන් තේරීමට අනුමැතිය දෙන ඇමතිවරයාව ද කොනිත්තන කතා කියන්නට හැකියාව ඇත.එසේම රගර් හී තාවකාලික වගකීම පාදක කරගෙන ප්‍රියන්තලාගේ කොන්ත්‍රාත්කරුවෙකු සේ හැසිරෙන බව පේන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද ඔළුවටම ඇණ වැදෙන සේ ඔවුන්ගේ තෝරා ගැනීම් වැරදි බව පෙන්වා ප්‍රියන්ත අත පිහදාගෙන ඇත.

අතිගරු මට්ටමට මේවා යන්නේ ඇමති සහ ඩීජී මැදිහත් නොවී මීට පසු රගර් ප්‍රියන්තට ඕනි විදිහට හසුරුවන ලෙස පෙරළා පිළිතුරු ලැබෙනාකාරයකින් විය හැකිය.මන්ද ජනාධිපතිවරයා වැරදි කතා කියන මිනිසුන් ද කැඳවා අවවාද දෙන බව මාධ්‍ය ඉදිරියේ කීවත්,ලංකාවේ රගර් ක්‍රීඩාවේ දී සිඳු වූ අපකීර්තිමත්ම සිඳුවීම වන ඇමති ද පාර්ලිමේන්තුවේදි නාමල්ව අපහාසයට පත් කළ පවුම් 50000 සිඳුවීමට සම්බන්ධ පරිපාලනයේ විධායකයාගෙන් රටේම ක්‍රීඩාව ගොඩ දාන්න උපදෙස් ගද්දි රටේ විධායක ජනපති හාවක් හූවක් නැතුව සිටින අයුරු අපූරුය.ඒ සභාපතිලාට ලේකම්ලාට විධායක නිලධාරියාට ක්‍රීඩා පණත හරහා ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වන්නට නොහැකි ලෙස වාරණයක් පැනවිය යුතු වුව ද,අද සිඳුවන්නේ ඔවුන්ට අවශ්‍යය අයට ආණ්ඩුව රගර් ක්‍රීඩාවට වාරන දමන තත්ත්වයක්ය.සෘජුව ඇත්ත කතා කළොත් සනත් මාටිස්ට මෙන් ඉන්න නොසිතෙන තත්ත්වයක් නිර්මාණය වෙනු ඇත.

ලෝක හොරු හිරේ දාන්න කතා කරන ආණ්ඩුව ලෝකයම වැරද්දක් කියා සළකා ලංකාවට දඩ ගසපු සිද්ධියකට වගකිව යුතු අයට මේ සළකන ප්‍රභූ සැළකිල්ල දුටු විට වෙන හොරු අල්ලන කතා තවමත් පැවත්ම වෙනුවෙන් කියන බොරු පමණක් බව පැහැදිළි කර ගත යුතුය.ක්‍රීඩා ඇමතිවරයාට මේවාට විරුද්ධ වන්නට හැකියාවක් තිබෙන්නට නොහැකි බව 60 වන සංවත්සරයේ දි අනුර කුමාර දිසානායක එසැ වූ තර්ජනයෙන් පැහැදිළි කර ගැනීමට හැකිය.ඉහළින් ගනු ලබන තීරණ ඉදිරියේ සුවච කීකරුව හැසිරෙනු විනා ඉන් එහාට කතා කරන්නට යාමෙන් විය හැකි අනතුර පිළිබඳව කළ තර්ජනයක් බඳු ඒ කතාවෙන් කියන්නේ ජවිපෙ නායකත්වයට අනුව හැසිරෙන්න යන අවවාදාතම්ක තර්ජනය විය හැකිය.එය ක්‍රීඩාවට ද අදාළය.කවුරු වැරදි කිව්වත්,ලෝකෙටම ඔප්පු වී තිබුණත් ඒවා තමන්ට හිතවත්නම් අදාළ නැති පරණ දේශපාලන බලය භාවිතා වූ ආකාරයම සිඳු වෙමින් ඇත.
රනිල් වික්‍රමසිංහ රජය යටතේ පාස්කරලිංගම්ලාට,රත්වත්තේලාට එහි කැබිනෙට්ටුව පරයා නැඟෙන්නට හයියක් තිබුණ බව ප්‍රසිද්ධියේ කතා වෙනවා කොතෙකුත් ඇසී ඇත.මේ රජයේ ද ප්‍රියන්තලා ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මැදිහත්වීම් හෝ කරන බපෑම් සම්බන්ධයෙන් විරුද්ධ වන්නට හෝ පරීක්ෂා කරන්නට ක්‍රිඩා ඇමතිවරයාට හැකියාවක් ඇද්ද යන්න සැකය.එසේ බලයක් ස්වාධීනත්වයක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ලැබී ඇත්නම් සනත් මාටිස් නික්ම යාම ගැන ඔහු සමඟ සාකච්ඡා කිරීම මෙන්ම එල්ල වෙමින් පවතින නවසීලන්ත – ශ්‍රී ලංකා රගර් තරග දෙකේ වියදම් සම්බන්ධයෙන් සිදු වී ඇති බවට සැක පහළ කරන කරුණු වහාම විගනනයට ලක් කිරීම වැදගත් වනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here