
අද උදෑසන බත්තරමුල්ල රණවිරු සැමරුම් ස්මාරකය අසලට හිටපු ජනපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ හා ඔහුට හිතවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකු ආරක්ෂක කණ්ඩායමක් සමග පැමිණ රණවිරුවන්ට උපහාර පිදීමක් සිදුකර තිබේ. පොදුජන පෙරමුණේ රණවිරු සැමරුම් උත්සවයක් ලෙස පෙනී ගිය මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ සහභාගී වූයේ නැත.
මෙම උත්සවයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටිම කැපී පෙනෙන කරුණක් විය.
රණවිරු සැමරුම අතරතුර අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ
“යුතුකමක් ඉටුකරන්න අද අපි ආවේ” බවයි. ජනපති තුමාගේ ප්‍රකාශය පිළිබඳව සඳහන් කරමින් මහින්ද මෙසේ ද පැවසීය: “ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න.”
මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් අනාගතය පිළිබඳව ද යම් සඳහනක් කළේය. “ඉදිරියට මේවා කරයි ද? නැද්ද කියන්න බෑ.. ඒක එන ආණ්ඩු එක්ක තමා තීරණය වෙන්නේ” යැයි ඔහු පැවසීය.
යුද්ධය පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද සඳහන් කළේය: “යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් අපේ හමුදා ජයග්‍රහණය කරා. යුද්ධයේ දී එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි.”
අවසාන වශයෙන් රටේ ආරක්ෂාව පිළිබඳව ද අදහස් දක්වමින් “ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනේ. රට ආරක්ෂා කරන්න ඕනේ…” යැයි ඔහු පැවසීය.
මෙම සැමරුම් උත්සවය රණවිරුවන්ගේ පරිත්‍යාගය සහ වීරත්වය සිහිපත් කිරීම සඳහා සංවිධානය කර තිබූ බව පක්ෂ ආරංචි හෙළි කළේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Saru FM Media