මහින්දගේ ප්‍රධානත්වයේ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක්

0
6


සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් ඊයේ (මැයි 09) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වී තිබේ.

ඒ, පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් පළාත් පාලන මැතිවරණයේදී ඇති ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රී ධුර සඳහා සුදුස්සන් පත්කිරීම පිළිබඳවත් එම සභාවල බලය පිහිටුවීම සඳහා සහයෝගය ලබාදීම පිළිබඳවත් සාකච්ඡා කෙරුණු බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here