මහාචාර්යවරු හිඟය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාල සිසුන් අර්බුදයක

0
4

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන් සියයට 50ක පමණ හිඟයක් පවතින බවත් රජරට විශ්වවිද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.

එහි සභාපති තිළිණ නිරෝෂ් පෙන්වා දෙන්නේ, කළමනාකරණ පීඨය තුළ සිසුන් 2,000ක් පමණ ඉගෙනීම් කටයුතු සිදුකළ ද ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා ඇත්තේ මහාචාර්යවරුන් 12 දෙනෙකු පමණක් වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවය. 

“රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුළ මේ වනවිට 45%ක ආචාර්ය සහ මහාචාර්යවරු හිඟයක් පවතිනවා. මේ හේතුව නිසා ශිෂ්‍යයන්ගේ ඉගෙනිමේ කටයුතුවලට, අධ්‍යයන කටයුතුවලට දැඩි බාධාවක් මතුවෙලා. මේ වෙද්දි තිබෙන ප්‍රධානම ගැටලුව තමා පර්යේෂණ කටයුතු කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න මහාචාර්යවරු නොමැති තත්ත්වයක් තියෙන්නේ. ඒ තුළ සිසුන්ගේ පර්යේෂණ කටයුතුවල පසුබෑමක් ඇතිවෙලා. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපාර්තමේන්තු 6 තුළම සිසුන් 2,000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. කනගාටුවට කරුණ වෙන්නේ ඒ හැමෝටම මේ වෙද්දි ඉන්නේ මහාචාර්යවරුන් 12ක් දෙනෙක් විතරයි.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here