මහනුවර ඇමරිකානු කෝනර් ආයතනය වීඩියෝ කළ විදේශිකයා ගැන පරීක්ෂණයක්

0
5

ඇමරිකානු තානාපති කාර්යාලයට අනුබද්ධිත තොරතුරු මධ්‍යස්ථානය වන මහනුවර ඩී.එස්. සේනානායක මාවතේ පුස්තකාල පරිශ්‍රයේ පිහිටි ඇමරිකන් කෝනර් ආයතනයට මාධ්‍යවේදියකු වේශයෙන් ඇතුළු වී අනවසරයෙන් වීඩියෝ ගත කළ සැකකටයුතු විදේශීය ජාතිකයකු සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මිදිගම, තුර්කි ගම්මානය පදිංචි නිලධාරිනියක් එම ආයතනයේ රාජකාරියේ යෙදී සිටියදී පැමිණ තිබූ මෙම විදේශීය ජාතිකයා තමන් මාධ්‍යවේදියකු බව පවසා එම ස්ථානය පිළිබඳ විමසීම් කර අති බවද පැවසේ.

පසුව එම විදේශීය ජාතිකයා ඔහු අත වූ කුඩා උපකරණයෙන් කාර්යාලය වීඩියෝ ගත කිරීමට ක්‍රියාකර ඇති බවත් නිලධාරිනිය විරුද්ධ වූ පසු කාර්යාලයේ තිබූ “සඳ මත ගගනගාමියකු ඇමරිකානු කොඩිය” සවි කරන ආකාරය සඳහන් රූපය දෙස බලා මේවා බොරු බවත් ගැත්තන් ලෙස කියා කරන්නේ ඇයි දැයි විමසූ බවත් එම නිලධාරිනියගේ ප්‍රකාශයකින් අනාවරණය කර තිබේ.

එම විදේශීය ජාතිකයා වීඩියෝ ගත කිරීමට විරුද්ධත්වය පෑමේදී ඔහු විසින් එම නිලධාරිනියගේද ඡායාරූප වීඩියෝ පටිගත කිරීමට තහනම් නැති බව පවසා ඔහුව පෙනෙන ආකාරයෙන් වීඩියෝ ගත කළ බවත් ඇයගේ ප්‍රකාශයකින් තවදුරටත් අනාවරණය වී ඇත.

පැමිණෙන ආගන්තුක පුද්ගලයන්ගේ විස්තර සටහන් කරන ආගන්තුක ලේඛනයේ විස්තර සටහන් කිරීමට එම පුද්ගලයාගේ විස්තර නිලධාරිනිය ඉල්ලා තිබූ නමුත් එයට ප්‍රතිචාර නොදක්වා එම විදේශීය ජාතිකයා යතුරුපැදියක නැග පිටව ගිය බවත් එම නිලධාරිනියගේ ප්‍රකාශයෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය විසින් ඇමරිකානු තානාපති කාර්යාලය වෙත ඊමේල් පණිවුඩයක් යොමු කර දැනුම්වත් කර ඇත.

විදේශීය ජාතිකයා පිටව ගිය බව කියන යතුරුපැදියේ අංකය අනුව සිදුකළ විමර්ශනවලදීම එය කුලී පදනම මත ලබා දුන් එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම විදේශීය ජාතිකයා නුවර ප්‍රදේශයේම හෝටලයක රැඳී සිටින බවට අනාවරණය වීම ඔහුගේ අනන්‍යතාවය පරික්ෂා කිරීමේදී ඔහු අයර්ලන්ත ජාතිකයකු බවත් මහනුවර වැව පාරේ පිහිටි හෝටලයක සති දෙකක පමණ කාලයක සිට නවාතැන් ගෙන සිටින බවටත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here