මහජන වරමින් බේරාගත් ගත් අපේ දේ

0
13


පාඩු පිට පාඩු ලබන බව කියමින් පසුගිය රජය සමයේ විකිණීමට ගිය මිල්කෝ සමාගම අද නව පියවරක් තබලා.

ඔවුන් මේ වන විට ලාභ ලබන තත්ත්වයකට පත්වෙලා.

එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීම සඳහා සමාගම සිය නිෂ්පාදනවල මිල අඩුකර තිබෙනවා.

මිල්කෝ සමාගමත් මහජන වරමෙන් බේරාගත්තු ආයතනයක් බවට පත්වුණා.

ඒ අනුව හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් 10කින් අඩුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහි නව මිල රුපියල් 70ක්.

හයිලන්ඩ් මිලි ලීටර 450 කල්තබා ගැනිමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 200ක් වනවා.

මිලි ලීටර 450 නැවුම් කිරි පැකට්ටුව අඩුකර ඇත්තේ රුපියල් 30කින්.

එහි නව මිල රුපියල් 170ක්.

මිලි ලීටර 900 නැවුම් දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 60කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල රුපියල් 380ක් බවයි මිල්කෝ සමාගම පවසන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here