මස්, මාළු, කිරි, බිත්තර ඇද්ද ලොක්කා කවුද? – Saru News | සිංහල

0
4

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ (1977 – 1988) අරලිය ගහ මන්දිරයට සහ සුචරිත ආයතනයට මහජන මුදලින් නීති විරෝධී ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය සපයා ඇති බව අනාවරණය වී තිබේ.

මාධ්‍යවේදී සනත් බාලසූරිය මේ බව හෙළි කර තිබෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු වූ කේ. එච්. ජේ. විජේදාස ඔහුගේ වෘත්තීය අත්දැකීම් අලළා ලියන ලද “පහන් සංවේගය” නම් කෘතියෙන් උපුටා ගනිමිනි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටි සමයේ පෞද්ගලික ලන්ඩන් සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් එවකට ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ ඇතිව තිබෙන සංවාදයට මැදිහත් වෙමින් සනත් බාලසූරිය එම තොරතුරු හෙළි කර ඇත.

පහන් සංවේගය කෘතියේ 230 වෙනි පිටුවෙන් උපුටා ගත් දීර්ඝ තොරතුරු අතර, මෙසේ සඳහන් කර තිබේ.

“මා අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් වැඩ බාර ගන්නා විට අරලිය ගහ මන්දිරයේ සහ සුචරිතයේ ආහාර පාන ඇතුළු ගෘහස්ථ වියදම් සඳහා බිල්පත් පියවූවේ රජයේ අරමුදල්වලිනි. පවුලේ අයගේත්, සේවකයන්ගේත්, අමුත්තන්ගේත් කෑම බීම සඳහා සංග්‍රහ වියදම් සියල්ල මෙයට ඇතුලත් විය. අගමැතිවරයා නිර්මාංශ ආහාර අනුභව කරන බව මම දැන සිටියෙමි. එහෙත් මෙම බිල්පත් මස්, මාළු, එළවළු, පළතුරු, ධාන්‍ය, කුළුබඩු, කිරි, බිත්තර, බටර් ආදී සියළු ගෘහස්ථ අවශ්‍යතා සැපයීම සඳහා විය.”
මෙම වියදම් මහජන මුදලින් දැරිය නොහැකි බව ලේකම්වරයා පෙන්වා දුන් අවස්ථාවේ චීනයේ ක්‍රමයට එම වියදම් දරන ලෙස රණසිංහ ප්‍රේමදාස ලබා දුන් උපදෙස් අනුව එසේ සටහනක් තබා ගෙවීම් කළ බව එම කෘතියේ දක්වා තිබේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here