මලල ක්‍රීඩා නිලවරණය මාර්තු 12 දා

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 01 කොළඹ LNW:

කාලයක සිට අකර්මන්‍යව පවතින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයට නව නිලධාරි මඩුල්ලක් පත් කර ගැනීමේ නිලවරණය මාර්තු 12 වන දා පෙරවරු 10.00 ට ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවත්වෙනවා.මේ සඳහා නව සහ තරුණ මුහුණු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා.විශේෂයෙන්ම කාලයක් තිස්සේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටින් පවතින දුෂ්කරතා හමුවේ බිහි වුවත්,එම මානව සම්පත් නිවැරදිව කළමණාකරනය නොකිරීමේ අඩුව මේ අලුත් ඉදිරිපත්වීම් හරහා හෝ වෙනස් කර ගන්නට ඡන්දදායක ක්‍රීඩා සංගම් 33 කටයුතු කරන්නේනම් වැදගත් වෙනවා.

ආර්ථිකමය ශක්තියක් ඇති පදනමක් නැතිකම සහ නිරන්තරයෙන් අමාත්‍යංශය යටතේ යැපෙන තත්ත්වය දිගින් දිගටම මලල ක්‍රීඩා සංගමයෙන් දකින්නට ලැබුණා.ස්වාධීන ආර්ථක ශක්තියක් ඇති ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ සහ ආකර්ශනය වන්නේ එහි ඇති මූල්‍යමය වත්කම් නිසයි.මීට ආසන්න තත්ත්වයක් හෝ මලල ක්‍රීඩාවට ලැබිය යුතු වෙනවා.නව පරිපාලනය ගැන ඡන්දදායකයන් ඡන්දයට පෙර මේ සම්බන්ධයෙන් කතා කර සැළසුම් විමසා තීරණයක් ගන්නේනම් වැදගත් වෙනවා.

මෙම නිලවරණයේදී සභාපති,ලේකම්,භාණ්ඩාගාරිකව ඇතුළු විධායක සභාවට ගැනෙන කමිටු සාමාජිකයන් අට දෙනාද ඇතුළත්ව තනතුරු 16 ක් පත්වීමට නියමිත අතර මේ වන විටත් එහි උප භාණ්ඩාගිරික තනතුර නිතරගයෙන් පත් වී තිබෙනවා.කවුරුන් පත් වුව ද මේ වන විට පත් කර තිබෙන මලල ක්‍රීඩා සංචිතවලට නිවැරදිව දක්ෂයන් ඇතුළත්ව ඇතිදැයි යන්න ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා.එසේම ඇමෙරිකාවේ සිට මලල ක්‍රීඩාව සිඳු කරන තරුශි කරුණාරත්න මීට දින කිහිපයකට පෙර මීටර් 600 ඉසව්වෙන් නව කෙටි ධාවන පථ සඳහා වන කාන්තා ආසියානු වාර්තාවද තැබුවත් ඇය දැනට ඇති කිසිඳු සංචිතයක නැහැ.

ඇය ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීම සඳහා ධාවනයේ යෙදනෙ අවස්ථාවේත් විශාල ගැටළු ගණනාවකට මුහුණ දුන් බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නත් දන්නා අතර අවසානයේ ඒ සුදුසුකම් ලැබීම සඳහා ඇය සහභාගි වූණේ ද මීටර් 600 තරගයකටයි.ඒ නිසා එහි වලංගුතාවය නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාට සුගත් තිලකරත්නටත් වඩා සමීපව උපදෙස් දෙනු ලබන හිටපු මලල ක්‍රීඩිකාවක වන ශ්‍රියාණි කුලවංශවත් පවසා නැද්ද යන්නත් ගැටළුකාරීයි.

කෙසේ නමුත් එවැනි අඩුපාඩු සකසා ගෙන මේ ගමන යාමට නව දැක්මක් සහිතව නව වැඩ පිළිවෙලක් සහිතව නව මුහුණුවරක මලල ක්‍රීඩා සංගමයක් 12 වන දා පත්වන්නේනම් එය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට බෙහෙවින් වැදගත් වනු ඇත.

The post මලල ක්‍රීඩා නිලවරණය මාර්තු 12 දා appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here