මලල ක්‍රීඩක කෝසල සහබන්දුගේ අවසන්කටයුතු අද

0
4

අභාවප්‍රාප්ත මලල ක්‍රීඩක කෝසල සහබන්දු මහතාගේ අවසන් කටයුතු අද (15) පස්වරු 3.00ට බොරලැස්ගමුවේදී සිදු කිරීමට නියමිතය.

කලක් රෝගාතුරව සිටි සහබන්දු මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත වන විට 76 වියේ පසුවිය.

මේවන විට ඒ මහතාගේ දේහය බොරලැස්ගමුවේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර තිබේ.

1974 දී ටෙහෙරානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 4X400 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු, 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේදී සහ 1982 දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා.

1974 දී මීටර් 800 ඉසව්වෙන් ජාතික වාර්තාව පිහිටවූ ඔහු 1979 දී ටෝකියෝ හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here