මරදාන පොලිස් වසමේ රෝහල් චතුරස්‍රය අසල මාර්ග හා පදික වේදිකාව අවහිර වන ආකාරයට උද්ඝෝෂණ හා පාගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

0
12


මරදාන පොලිස් වසමේ රෝහල් චතුරස්‍රය අසල මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණ හා පාගමන් පැවැත්වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී උද්ඝෝෂණයක් හා පාගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි.

ඒ අනුව අද පස්වරු 02.30 සිට හෙට පස්වරු 06.00 දක්වා වූ කාලයේදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here