මම තෙල් ළිං අයිතිකාරයෙක් නෙවෙයි. මේ මිල වැඩි කළේ මට ලාභ ගන්න නෙවෙයි – ජනපති අනුර

0
5

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල වැඩි කළේ තමන්ට පුද්ගලිකව ලාභයක් අත්පත් කරගැනීමට නොවන බවත් රටේ ජනතාව මේ අර්බුදකාරී අවස්ථාවේදී තම පරිභෝජන රටාවන් වෙනස් කරගෙන අරපරිස්සම්කාරී ලෙස මේ තත්වයට මුහුණ දිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපට පුරෝකථනය කරන්න පුළුවන් කෙටි කාලයක්. ඒ කාලය ඉක්මවා යුද්ධය ඇදෙනවා නම් මං හිතන්නෙ කිසිදු ජගතෙකුට පුරෝකථනය කරන්න පුළුවන් තත්වයක් ලෝකෙ නැහැ දැන්. යුද්ධයට මැදිහත් වෙච්ච පාර්ශ්වකරුවන්ටත් පුරෝකථනය කරන්න බැහැ කියලා මම හිතනවා මාස දෙකකට වැඩිය යුද්ධය යනවා නම්. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම්, අපි උපරිම මේ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදෙන්න අපි වගවෙනවා. මිල උච්ඡාවචනය විය හැකියි. ඒක වෙන්න ඕනෙ. මේක මම තෙල් ළිං අයිතිකාරයෙක්, ඒක හින්දා මට ලාභ ගන්න වැඩිකරනවා නෙවෙයි මේක. එහෙම නෙවෙයිනෙ. එහෙම නැත්නම් මම තෙල් සමාගමක ඒජන්තයෙක්, මට ලාභ ලබාගැනීම සඳහා වැඩිකරනවා නෙවෙයි මේක. නේද ? මම තෙල් සමාගමක නෙවෙයි කවර සමාගමකවත් ඒජන්තයෙක් නෙවෙයි. මම කියන්නෙ, හැබැයි අපට වගකීමක් තිබෙනවා ආණ්ඩුවක් හැටියට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සපයන්න. ඒ සැපයීම සඳහා අවශ්‍ය මූල උපායන් සියල්ල අපි සකස් කරනවා. මේකෙ අභ්‍යන්තර කම්පනයට ඔරොත්තු දෙන්න අපට හැකියාව ලැබුණා. හැබැයි බාහිර කම්පනයට ඔරොත්තු දෙන්න අපිට කාලයක් යයි. යම් ප්‍රමාණයකට අපේ පරිභෝජන රටාවේ යම් වෙනසක් අවශ්‍ය වේවි. එහෙම තමයි ලෝකයේ අර්බුදයන්ට මුහුණ දීපු රාජ්‍යයන් ගොඩ ගියේ. සුපුරුදු පරිදි අපේ පරිභෝජන රටාවන් අනුවම නෙවෙයි, ඒවායේ යම් වෙනසක් අපිට අවශ්‍ය වෙනවා. අර්බුදයක් තියෙන වෙලාවක අපි හැමදෙනාම යම් සංයමයකට එන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා. මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් පරෙස්සම්කාරී ආර්ථික ක්‍රියාවලියකට එන්න ඕනෙ මේ වෙලාවේ. එය රජයට සහාය දීමක් නෙවෙයි, අපි හැමදෙනාම එක්ව මේ අර්බුදයෙන් ගොඩ ඒමට තියෙන මාවත”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

The post මම තෙල් ළිං අයිතිකාරයෙක් නෙවෙයි. මේ මිල වැඩි කළේ මට ලාභ ගන්න නෙවෙයි – ජනපති අනුර appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here