මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් හෙතුවෙන් පුරුෂයා විසින් බිරිඳගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා බරපතල තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයක් සම්බන්ධයෙනුයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු ප්‍රදේශය මග හැර පලා ගොස් සිටි අතර, ඔහුට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා.
සැකකරු දෙහිවල ෆෙයාර්ලයින් පාර ප්‍රදේශයේ සැඟව සිටියදීයි අත්අඩංගුවට පත් වුණේ.
මොහු වයස අවුරුදු 55ක් වන මෝදරවිල පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි
Saru FM Media