මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි රටක් ලෙස ඉතිහාස ගත වෙනවා – Saru News | සිංහල

0
4

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවල සිටි සෙබළුන්ගේ ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකාව දියත් කළ මෙහෙයුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජන මාධ්‍ය මෙන් ම, යුද විශ්ලේෂකයන් දැක්වූ ප්‍රතිචාර පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු වී ඇත.

යූටියුබ් නාලිකා ගණනාවක නිදහස් මතධාරි විචාරකයින් ජනාධිපතිවරයාගේ මෙන් ම, සමස්තයක් ලෙස ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය නිසි පරිදි ඇගයීමට ලක් කර ඇත. විචාරකයින් කිහිප දෙනෙකු පළ කළ අදහස් පහත දැක්වේ.

“මෙතනින් ඉස්සරහට ජාත්‍යන්තර රාජතාන්ත්‍රික කටයුතුවලදී ශ්‍රී ලංකාව පිළිගන්නේ ඇමරිකා ඉරාන අර්බුදයේ මැදහත්කාරී විශිෂ්ට ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රාජ්‍යයක් හැටියටයි”

“රාජතාන්ත්‍රික භාවය පිළිගන්නා පුරවැසියන් හට ආඩම්බර විය හැකි තත්වය ශ්‍රී ලංකාව ඔසවා තැබුවා”

“මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි රටක් ලෙස ඉතිහාස ගත වෙනවා”

“ජනාධිපතිතුමාගේ දැක්ම තිබුණේ දේශපාලනයට වඩා මනුෂ්‍යත්වය ඉහළින්”

“ජනාධිපතිතුමා play කළ play කිරීම කියලා වැඩක් නෑ”

“මින් ඉදිරියට ඕනෑම ජාත්‍යන්තර සමුළුවකදී ශ්‍රී ලංකාව අසුන් ගන්නේ ඉරාන ඇමරිකානු යුද්ධයේ දී මිනිසුන් බේරා ගෙන නැවත් මුදවා ගත් රටක් හැටියට – මේ ටික කළේ විශාල අවදානමක් දරා ගෙන”

මෙවැනි අදහස් පළ කළ වීඩියෝවක් පහතින් පළ කෙරේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here