මධ්‍යම කඳුකරයේ තද වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් නාය යයි

0
5


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ, ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

Neth Sound · MET MERIL 01

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන පේරගොල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය ගොස් තිබෙනවා. 

ගිනිගත්හේන පේරගොල්ල ප්‍රධාන මාර්ගයේ තීනියාගල ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් එලෙස නාය ගොස් ඇති බවයි ගිනිගත්හේන පොලීසිය පැවසුවේ. 

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ සැහැල්ලු වාහන හැර බර වාහන ධාවනය නතර වී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here