මත් ජාවාරම් කළ බෝට්ටු තුනකට අමෙරිකානු හමුදා ප්‍රහාරයක්

0
4


නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට කියන බෝට්ටු තුනකට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමෙරිකානු  හමුදාව පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ නැගෙනහිර පැසිෆික් කලාපයේ යාත්‍රා දෙකක සිටි අටදෙනෙකු සහ  කැරිබියන් කලාපයේ යාත්‍රාවක සිටි තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය.

සැප්තැම්බර් මාසයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කැරිබියන් මුහුදේ සහ පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය යැයි සැකකරන බෝට්ටුවලට ප්‍රහාර 40 කට වඩා සිදුකර තිබේ.

අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු මත මෙම ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකාව පවසයි.

කෙසේවෙතත් ජනවාරි මස මුලදී අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු ප්‍රහාර එල්ල කිරීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here