මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන බහුතරයක් දෙනා ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරනවා – අධිකරණ ඇමති – Saru News | සිංහල

0
7

මේ දිනවල රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සමඟ ඇතැම් දිනවල 700ක් පමණ අත් අඩංගුවට පත් වන බවත් බහුතරයක් දෙනා ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරන බවත් පුනරුත්ථාපනයට මුදල්වල අඩුපාඩුවක් නැති බවත් මුදල් ප්‍රමාණවත් නොවුවහොත් වෙන් කිරීමට ජනාධිපති උපදෙස් දී ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිණි.

“රිමාන්ඩ් එකේ ඉන්න විසිහත් දහස පුනරුත්ථාපනය කරන්න බැහැ. අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට් කරනු ලැබුවා. මොකද එම අමාත්‍යාංශයත් පුනරුත්ථාපනය කටයුතු කරනු ලබනවා.

ඒ නිසා අමාත්‍යාංශ දෙකම එකතු වෙලා තමයි පුනරුත්ථාපන ක්‍රමය සිදු වෙන්නේ. මේ දිනවල රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සමඟ ඇතැම් දිනවල 700 පමණ අත් අඩංගුවට පත් වෙනවා. බහුතරයක් දෙනා ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරනවා.

පුනරුත්ථාපනයට මුදල්වල අඩුපාඩුවක් නැහැ. ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබෙන්නේ මුදල් ප්‍රමාණවත් නොවුවහොත් වෙන් කිරීමට කටයුතු කරනවා කියලා. අධිකරණ අමාත්‍යාංශයට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා මුදල් ප්‍රමාණවත්ව තිබෙනවා.” යනුවෙනි.


64

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here