මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව!

0
4

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ පුද්ගලයින් 30 දෙනෙකු ගතවූ දින 45ක මෙම කාලය තුළදී පොලිස් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසයි.

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් පරීක්ෂා කිරීම අඛණඩව සිදුකරන බවත් ඒ අයුරින් කුලී ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පැදවූ ත්‍රීරෝද රථ රියදුරන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණු බව ද ඒ මහතා පැවසුවේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (24) අද පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ සම සභාපතීත්තවයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි.

මෙම වර්ෂය තුළදී මහනුවර පොලිස් කොට්ඨාශයේ මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවා අත්අඩංගුවට ගැනීම් 22ක්, තෙල්දෙණියෙන් 07ක් සහ ගම්පොලින් අත්අඩංගුවට ගැනීම් 01ක් සිදුවූ බව ද ඒ මහතා පැවසුවේය.

මෝටර් රථ පනතට අනුව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවුවහොත් ජීවිතානතය දක්වා රියදුරු බලපත්‍රය අහෝසි කිරීමේ හැකියාව අධිකරණයට ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

The post මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here