මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණයත් සමඟ මෙක්සිකෝව උණුසුම් වෙයි

0
4

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ‘එල් මෙන්චෝ’ ගේ මරණයත් සමග එරට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබේ.

මෙක්සිකෝවට මෙන්ම අමෙරිකාවට ද තර්ජනයක් වූ ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වන ‘එල් මෙන්චෝ’ ගේ මරණයෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන ඔහුගේ ආධාරකරුවන් එරට නගර රැසක මාර්ග අවහිර කර රථවාහන ගිනි තබමින් දේපළ හානි සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශ යුද කලාප බවට පත්ව ඇති බව එරට රැදී සිටින විදේශිකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. 

ඇතිවූ තත්ත්වය හමුවේ වෙළෙඳසැල් රැසකට ගිනි තබා ඇති අතර බැංකු ශාඛා 20කට පමණ හානි සිදුකර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු ආරක්ෂක අංශ විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට මෙක්සිකානු රජය නිවේදනය කර ඇත.

මෙක්සිකෝවේ නොසන්සුන්කාරී තත්ත්වයන් පවතින ප්‍රදේශවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඇතැම් ගුවන් සමාගම් පියවර ගෙන ඇති අතර ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙස එරට වෙසෙන අමෙරිකානු ජාතිකයින්ට අමෙරිකාව විසින් දැනුම් දීමක් සිදුකර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here