
මඩකලපුව කල්ලඩි පාලම අසල වැව මත පාවෙන ආකාරයේ ස්තූප දෙකක් දක්නට ලැබීම හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබේ.දෙමළ ජන සංහාර සති සමරුව යයි සටහන්වූ විදුලි බල්බ වලින් සරසන ලද මුල්ලිවයික්කාල් ස්තූප රූප සහිත, කළු, රතු, කහ කොඩි ඔසවන ලද මෙම පාවෙන වස්තුව කිසිවෙකු හසුනොවන ආකාරයට මුල්ලිවයික්කාල් වින්දිතයින් සමරුව පිණිස කිසිවෙකු විසින් නිර්මාණය කරන ලද්දක් බව හෙළිව ඇත.
මෙම පාවෙන ස්තූප ඊයේ (17) රාත්‍රී නවය පමණ වන විට ආලෝකය නංවමින් පාවෙමින් පැමිණීමත් සමඟ ප්‍රදේශයේ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබිණි.
දෙමළ ජන සංහාරය සිහිපත් කිරීම සඳහා නිර්මාණය කර තිබූ ස්තූප දෙක පාවෙමින් මුහුද දෙසට ගමන් කරමින් තිබූ බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.
මිනිසුන් නොමැතිව කුඩා බෝට්ටු දෙකක් ලෙස පෙනෙන අභිරහස් වස්තුවක් වැව මත පැයක පමණ කාලයක් පාවෙනු දුටු පසු ඇති වූ කලබලකාරී තත්ත්වයත් සමඟ, ස්ථානයට පැමිණි බුද්ධි අංශ නිලධාරීන් ඒවා ප්‍රතිසාධනය කිරීමේ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ස්තූප දෙකේ දක්නට ලැබුණු මුල්ලිවයික්කාල් සමරු රූප, කළු, රතු සහ කහ කොඩි යනු මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ 2009 වසරේ සිදු වූ අවසාන යුද මෙහෙයුම් සමයේදී මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමට යොදා ගන්නා සංකේතාත්මක වස්තූන් ලෙස සැලකේ.



Saru FM Media