මට ලෙඩක් කියා ඇත්තේ මේ පීනස විතරමයි …

0
13


එක දිගටම කිඹුහුම් යවන කිසිවෙකු ඔබ නොදැක තියෙන්නට නම් බැහැපීනස නම් රෝගී තත්වය එතරම්ම සුලබ රෝගයක්ලොකු රෝගයක් කියලා ගණන් ගන්නේ නැති එහෙත් ඉතාමත් අපහසු තත්වයක් පීනස නිසා ඇති වෙනවා.

පීනස කියලා හඳුන්වන්නේ කෝටාර ප්‍රදාහයයිකම්මුල් ඇට තුළ සහ නළලේ ඇස් බැමිවල ඉහළ කොටස් තමයි කෝටර හෙවත් කුහර ලෙස හඳුන්වන්නේමෙම කුහර මුළුමනින්ම පිරී තිබෙන්නේ වාතයෙන්හුස්ම ගැනීම ක්‍රමවත් කරවීම සහ පහසු කරවීම මෙම කෝටාර මගින් සිදු කරනවාකිසියම් හේතුවක් නිසා මෙම කෝටාර තුළ ආසාදනය වූ ශ්ලේෂ්මලය හෙවත් සෙම ඇතිවීම නිසා මෙම කෝටාර ඉදිමීමට ලක්වීම මේ නමින් හඳුන්වනවා.

අසාත්මිකතාවන් හේතුවෙන් පීනස හැදෙන්නේ මෙවැනි අයටයිමල් පරාග වලටදුහුවිල්ලටලොම් වලට ආහාර වර්ග වලට වැනි හේතුන්ට මෙවැනි අය ට පීනස හැදෙනවා.

ගර්භනී සමයේ ඇතිවන හෝමෝන අසමතුලිතතා නිසා මෙන්ම රෝගවලට ලබා ගන්නා ඔසු හේතුවෙන්ද මෙම තත්වය හටගන්නවා.

බැක්ටීරියාවෛරස්දිලීර වැනි ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය නිසා සහ කාලගුණික වෙනස්වීම් නිසා ඇතිවෙන පීනසවඩාත්ම බහුල මේ වර්ගයේ රෝගීන්.

මේ තත්වය පාලනය නොවී සති දොළහකට වඩා වැඩි කාලයක් පැවතුණහොත් එය නිදන්ගත පිනසය බවට පත්වීමට ඉඩ තිබෙනවාඑය වඩාත් වේදනාකාරී සහ සුව කිරීමට තරමක කාලයක් ගතවනවා.

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිට පිනසය වැළදුණු විටෙක රෝගියාගේ ජිවිතයට හානි ඇතිවන තරමටම අනතුරුදායක වනවා.

ප්‍රතිශක්තිකරණ දුර්වලතා ඇති විටත් එය මාරාන්තික විය හැකියිඒඩ්ස්ක්ෂය රෝගයහෙපටයිටිස්දියවැඩියාවඩෙංගු වැනි රෝග තත්වයන්ගෙන් සුවය ලබමින් සිටින විට පිනසෙන් පරිස්සම් විය යුතුම වනවා.

මෙයට ගත හැකි හොදම පියවර නම් පුද්ගලික ස්වාස්ථතාවය නිසි පරිදි පවත්වාගෙන යාම වනවාඒ වගේම තමන් අසාත්මිකතාවය දක්වන්නේ කුමකටද කියා හඳුනාගෙන සිටීමද හරිම වැදගත්සාමාන්‍ය ප්‍රතිශ්‍යාවකදී පවා නිසි පරිදි ප්‍රතිකාර ගෙන සුව කරගන්නේ නම් අවදානමක් එන්නේ නැහැ.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here