Sunday, May 4, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මං විදුරෙන් විශාඛා ආවේ – රීඩින් රූම් එකේ පාස්පේපර්ස් තොගය තමා...

මං විදුරෙන් විශාඛා ආවේ – රීඩින් රූම් එකේ පාස්පේපර්ස් තොගය තමා මාව ගොඩ දැම්මෙ – වාණිජ ප්‍රථමයා

0
9


I came from far away to Visakha - The stack of pass papers in the reading room made me come back - The first in commerce

මෙවර උසස් පෙළ විභා­ගයේ වාණිජ අංශ­යෙන් ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යා­ලයේ අමාෂා දුලාරි පෙරේරා සිසු­වි­යට හිමි වී තිබේ.
සිය ජය­ග්‍ර­හ­ණය සම්බ­න්ධ­යෙන් ඇය මෙසේ පැව­සු­වාය.

මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන ලැබුවේ විදුර විද්‍යාලයෙන්. මුල
ඉඳලම මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. සාමාන්‍ය පෙළින්
පසුව මම කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණා.
මගේ මහ­න්සි­යට ප්‍රති­ඵල ලැබුණු එක ගැන සතු­ටුයි.මුල ඉඳ­ලම ඉල­ක්ක­යක් තියා­ගෙ­නයි අධ්‍යා­පන කට­යුතු කළේ.ඒ සඳහා විශාඛා විදයාලයෙන් උප­රිම සහා­යක් හිමි වුණා.
වටිනම තැන තමා විශාඛා එකේ ‘රීඩින් රූම්’ එක. පාසලේ පුස්ත­කා­ල­යත්,පාඩම් කරන රීඩින් කාම­ර­යත් සහාය තමා ගොඩක් බලපෑවේ.
ඒ පුස්ත­කා­ලයේ පාස් පේපර්ස් සෑහෙන්න තියෙ­නවා.මම පහු­ගිය පාස් පේපර්ස් සෑහෙන්න කළා.සද්ද නැතිව පාඩම් කරන්න පුළු­වන් පරි­ස­ර­යක් රීඩින් රූම් එකේ තිබුණා.නිද­හස් පිරී­ය­ඩ්වල රීඩින් රූම් එකට ගිහින් පාඩම් කළා.මේ දේවල් මගේ ප්‍රති­ඵ­ල­යට දායක වුණා.
මගේ මුල් පාසල විදුර විද්‍යා­ලය.විදුර විද්‍යා­ල­යෙන් මට හොඳ ෆවු­න්ඩේ­ෂන් එකක් ලැබුණා. ඒ වගේම මගේ අම්මා ඇයත් ගණකාධිකාරිවරියක් මං වෙනු­වෙන් මගේ පිටු­ප­සින්ම හිටියා.මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අක්කා රුසියාවේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා.තාත්තත් අක්කාත් මේ ප්‍රති­ඵ­ල­යට සහාය වුණා.
පාසල් දෙකේම ගුරුවරු අගය කරනවා.
වර­ලත් ගණ­කා­ධී­කා­රි­ව­රි­යක් වෙන එක මගේ හීන­යක්.ඊට අවශ්‍ය අනෙ­කුත් සුදු­සු­කම් සපු­රා­ගෙන හොඳ පුර­වැ­සි­යෙන් විදි­යට රට වෙනු­වෙන් සේවය කරන එකයි බලා­පො­රො­ත්තුව.

 

gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here