භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

0
5

එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදීගැනීමට හැකි බවය.

සතොසින් වට්ටම් ලැබෙන ආහාර ද්‍රව්‍ය කිහිපයක කිලෝවක මිල ගණන්

සුදු නාඩු – රු. 217
සුදු කැකුළු – රු. 203
පාන් පිටි – රු.  254
හාල්මැස්සෝ – රු. 1,050
පරිප්පු – රු. 264
බී ලූනු – රු. 150 – 160 අතර

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන බවය. ඒ අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට මිස ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි.

මේ අතර සතොසින් රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here