බොලිවුඩය සහ විවාහය සමබරව ජයගත් සුපිරි බොළිවුඩ් නිළියන්

0
16


බොහෝ කාන්තාවන් විවාහවූ පසු රැකියාවට සමුදෙති. මෙය බොළිවුඩයටද පොදුයි. නමුත් විවාහ වූවද තම රංගන දිවිය නිමා නොකළ සාර්ථකම බොළිවුඩ් නිළියන් 5 දෙනෙක්  පිළිබඳවයි මෙම සටහන. මෙම සුපිරි තරු අදටත් සිය වෘතියෙහි නමක් රඳවාගෙන දිදුලන අතර රැකියාවට විවාහය බාධාවක් යන මිත්‍යාව බිඳදමා ඇත.

කාන්තාව සෑම විටම රස්සාව හෝ පරස්ථාව යන දෙකෙන් එකක් තෝරා ගත යුතුය යන සමාජ මතය තම ජීවිත තුල ආදර්ශයෙන්ම බිද දමන මෙම සුපිරි කාන්තාවන්, තම අඩු අවබෝධය නිසා විවාහය හා ජීවිතය පටලවා ගෙන ජීවිතයම ගැටළුවක් කර ගන්නා බොහෝ කාන්තාවන්ට ආදර්ශයකි.

හිටපු ලෝක සුන්දරියක්වන ඇය බොළිවුඩයේ සහ ජ්‍යාත්‍යන්තරයේ නමක් තබා ඇත්තේ හුදෙක් අගේ රුව නිසා නොවේ. සිය හැකියාව නිසාම දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍රවූ ඈ Taal, Hum Dil De Chuke Sanam, Sarabjit, Jodha Akbar හිදී මහත් පැසසුමට ලක්විය. ඉතාමත් දක්ෂ බලවත් පවුලක සාමාජිකාවක් වන ඈ දියණියකගේ මවක්. කාර්ය බහුල බිරිඳක් වුවත් නිතරම සමාජ සත්කාර කටයුතුවල යෙදීමට නම් ඈ අමතක කරන්නේ නැහැ.

මියෙන තෙක්ම රංගනයේ යෙදීම තම පරම පැතුම බව Kareena නිතරම පවසන දෙයක්. කාර්ය බහුල බිරිඳක්වන ඈ මවක් වීමට සූදානම් වන්නීය. ගැබිණි මව්වරුන්ට ආදර්ශයක් වෙමින් මෙම කාළය තුලද ඈ මෝස්තර නිරූපණයෙහි යෙදෙන්නීය. මෙම සම්මානනීය නිළිය බොළිවුඩයේ විවාහ වූ පසුවද වැඩිම ආදායමක් උපයන තරුවකි.

Parineeta, Paa, The Dirty Picture සහ Kahaani ආදී චිත්‍රපට තුළින් බොළිවුඩය තුළ නමක් තැබූ ඈ බොළිවුඩයේ පියකරුම තරුවකි. ඇගේ අනඟි කුසලතා මෙන්ම අභියෝගාත්මක චරිත නිරූපණයෙන්රෙසික හදවත් දිනාගත් ඈ වසර කීපයකට ‍පෙර UTV අධිපති Siddharth Roy Kapur හා විවාපත් වූවාය. මෙම සම්මානනීය තරුව තවමත් ඇගේ රංගන ජීවිතයට සමුදී නැත.

Dilwale Dulhania Le Jayenge සිට Dilwale Kajol දක්වා නොනැවතී දිගු ගමනක යෙදෙන මෙම තරුව සුපිරි නළු Ajay Devgn ගේ බිරිඳ වන අතර ආදරණීය දෙදරු මවකි. අදටත් බොළිවුඩයේ ඉහළ ඉල්ලුමක් පවතින තරුවක්වන ඈ හට සම්මානවලින්ද අඩුවක් නැත.

පෙර මෙන් අතිශයින්ම රූමත් Madhuri විවාහයෙන් පසුද සාර්ථක අභියෝගීමත් චරිත රැසක් නිරූපණය කළාය. පුතුන් දෙදෙනෙකුග් මවක් වුවද අති දක්ෂ නර්තන ශිල්පිනියක් වන ඇය මේවන විට ඉන්දීය dance reality show කළාව වෙනස්ම මගකට යොමු කරන්නට සමත්වී ඇත.

වයසත් සමඟ තව තවත් දියණු තියුණු වන මෙම දිරිමත් කාන්තාවන් සිය පවුල් ජීවිත සමබරව ගෙනයමින් පිරිමි නළුවන් හා උරෙනුර ගැටෙමින් සාර්ථක ඉදිරි ගමනක යෙදීම සියළු දෙනාටම මහත් ආදර්ශයකි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here