බොර තෙල් බැරලයක මිල ඇ. ඩො. 100 සීමාව ඉක්මවයි!

0
6

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ LNW :

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ.

2022 වසරෙන් පසු පළමු වතාවට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි යන වර්ග දෙකෙහිම මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික ගමනාගමන බාධා සහ සැපයුම සීමාවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල දළ වශයෙන් 18% ත් 20% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කළ හැකිබව ආර්ථීක විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

The post බොර තෙල් බැරලයක මිල ඇ. ඩො. 100 සීමාව ඉක්මවයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here