මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම සහ ප්‍රචාරය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී දීගායුගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වන්නේ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සහ නිශ්ශංක සේනාධිපති නැමැත්තා සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයේ සංසරණය වනු නිරික්ෂණය වන බවය. ඇමති ආනන්ද විජේපාල විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බවද අදාල ලිපියේ දැක්වේ.
එය ව්‍යාජ ප්‍රවෘත්තියක් වන අතර කිසිදු අවස්ථාවක හජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල හෝ ඔහුගේ නියෝජිතයකු නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසී නොමැති බවද එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා ඇමති ආනන්ද විජේපාලගේත් වත්මන් රජයේත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීම සිදු වන බව නිරීක්ෂණය වන්නේ යැයිද අදාල ලිපියෙහි සඳහන් වේ.
එම නිසා දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම් හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන බව තම හැගීම යැයිද ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමු කරන ලද එම ලිඛිත පැමිණිල්ල සහ ඊට අදාළ ඇමුණුම් සහිත ගොණුව පහතින් දැක්වේ.
Saru FM Media