බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

0
14

බොරැල්ල කන්නනගර විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් තාප්පයේ ගැටීමෙන් තාප්පය කඩා වැටී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී ඇති අතර ඔවුන් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි.

සිද්ධියට අදාළ 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here