බොරැල්ල ප්‍රදේශයේ පාසලක බැම්මක, කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයේ ඩෝසර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඩෝසර් රථය පාසල් බැම්මේ ගැටීමත් සමඟ එය කඩා වැටි ඇති අතර ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු මෙසෙල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එක් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිට්ටනියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි.
48 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඩෝසර් රථය පොලිස් භාරයට ගෙන තිබේ
Saru News















