රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ LNW :
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි දිනෙන් දින වෙනස්කම් සිදුවන බව නිරන්තරයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉකුත් දා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 119 ක උපරිම අගයක් දක්වා තියුණු ලෙස ඉහළ ගියද, මේ වන විට එම අගය ඩොලර් 90 ට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇත.
යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ වෙළඳපොළේ පැවති දැඩි නොසන්සුන්තාවය යම්තාක් දුරකට සමනය වී තිබේ.
ඒ අනුව, ඉරානය ආශ්‍රිත යුද ගැටුම් හමුවේ පවා ආසියානු වෙළඳපොළ තුළ තෙල් මිල මේ වන විට සාපේක්ෂ ස්ථාවරත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

The post බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස.. appeared first on LNW Sinhala.
Saru News
















