Saturday, May 10, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් බූස්ස හිටපු අධිකාරී ඝාතකයා කටුනායක “මුහුණු ගැජට් එකින්” අත්අඩංගුවට

බූස්ස හිටපු අධිකාරී ඝාතකයා කටුනායක “මුහුණු ගැජට් එකින්” අත්අඩංගුවට

0
18


Former Boossa superintendent's killer arrested in Katunayake with "face gadget"

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පලා යාමට උත්සාහ කරන අවස්ථාවේ අත්අඩංගුවට පත්විය.
ඊයේ (අප්‍රේල් 15) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයට පැමිණි සැකකරු,
ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇති ‘මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය’ (Face Recognize System) මගින් හඳුනාගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වයස අවුරුදු 31ක් වූ අම්බලන්ගොඩ, කුලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට, මොහු දකුණු පළාතේ ප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නමින් හඳුන්වන පුද්ගලයාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත.
පොලිස් මූලාශ්‍ර වාර්තා කරන ආකාරයට මෙම සැකකරු, ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල සිදු වූ මිනීමැරුම් කිහිපයක් සහ මූල්‍ය වංචා රාශියක් සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික අක්මීමන මහතා තලගහපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී මාර්තු 13 වැනි දින සවස් කාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස් විමර්ශන දැඩි ලෙස ඉදිරියට පවත්වාගෙන ගොස් තිබේ.
සැකකරු රටින් පලා යාමට ගත් උත්සාහය වැළැක්වීමට කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියා කිරීම මෙම සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here