ශ්‍රී ලංකාවේ සියලුම නිකායන් හා පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම් ලත් බුද්ධ ශාසන සභාව ඊයේ (10) බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දී රැස්විය.
බුදු සසුනේ චිරස්ථිතියත්, සංඝ සමාජය කෙරෙහි බලපාන කරුණු රැසකුත් මෙහිදි පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරුණි.
ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි අනු කමිටු 03 ක් ඔස්සේ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක වීමට මෙහිදී යෝජනා වී තිබේ.
ඒ සම්බන්ධ වගකීම් උදෙසා විෂයික දැනුම සහිත ගෞරවණීය නායක හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් නම් කර ගැනීමද මෙහිදී සිදුවිය.
ඉදිරයේදී සාසනික කාර්යන්වලදි වගකීම් සහගත මැදිහත් වීම් මෙම සභාවේ මග පෙන්වීම හා අවවාද අනුශාසනා මත සිදුවේ.
Saru News










