බිරිඳ ගර්භනී නිසා අනියම් පෙමක පැටලුණු සැමියෙක්

0
13


(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

නයනි සහ සාරංග මුලින්ම මුණ ගැහෙන්නේ රැකියා ස්ථානයේදී. ඒ තරම් දිගු නොවූ ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ විවාහයකින්. ඔවුන් දෙදෙනා ජීවිතය දෙස පුළුල්ව බැලූ බුද්ධිමත් යුවලක්. ඒ ගැන මට වඩාත් තහවුරු වූයේ ඔවුන් මා මුණ ගැසෙන්නට ආ පළමු වතාවේදී.

“මගේ ඔෆිස් එක මට පුදුමාකාර පීඩනයක් අරන් එන තැනක්. මම මගේ වැඩ රිපෝට් කරන්න ඕනෑ කෙනා ඇත්තටම ඉන්නේ පර්සනල් ස්ට්‍රෙස් එකක. එයා කැත වෙලා එයාගේ පවුල කැඩෙයි කියලා බයකින් එයා නිතරම ඉන්නවා. ඒ අවුල පිට කරන්නේ අපෙන්.”

නයනි මා සමඟ එසේ පවසද්දී ඇයට රැකියාව පීඩනයක් නම් ඇය රැකියාවෙන් ඉවත් වුණත් කමක් නැති බව කියන්නට තරම් සාරංග ආදරණීය වුණා. මුලදී ඔවුන් දෙදෙනාම ඒ සේවා ස්ථානයේ වැඩ කළත් දැන් සාරංග වැඩි වැටුපකට වෙනත් ආයතනයක සේවය කරමින් සිටින නිසා ඔහුට මුදල් ගැන ගැටළුවක් තිබුණේ ද නැහැ.

“ඒ වුණාට මහන්සියෙන් ඉගෙන ගෙන ජොබ් එකක් නොකර ඉන්න මට හිතක් නෑ. සාරංග මං ගැන හොයලා බලන එක ගැන මට සතුටුයි.”

එදා නයනි බොහෝ සතුටු වුණා. ගැටළුව විසඳාගැනීමට අමතරව තමන්ගේ ජීවිතයට ස්වාමියාගෙන් ලැබුණු සහයෝගය ගැන ඇය මා සමග වර්ණනා කරන්නට අමතක කළේ ද නැහැ.

“මිස් මාව ප්‍රෙග්නන්ට් වෙලා.”

හොඳ සේවා ස්ථානයක් ලැබී මාස කිහිපයකට පසු මා ඇමතූ නයනි ලබා දුන්නේ සුබ පණිවිඩයක්. එය ඇයටත් සාරංගටත් ඉතා විශාල සතුටක් ගෙන ආ පුවතක් වී තිබුණා.

“මට දැනෙන්නෙ අපිව සම්පූර්ණ වුණා කියලා. අපි හොඳට ඉගෙන ගත්ත. ගෙවල් දොරවල් හැදුව. වාහන ගත්ත. දරුවෙක් ගැන සැලසුම් කරනකොටම දරුවෙක් අපි ළඟට ආපු එක ගැන මට පුදුම සතුටක් දැනෙන්නේ.”

නයනි සිටියේ උතුරා යන තරමේ සන්තෝසයකින්. මම ඇයට හදවතින්ම සුබ පැතුවා.

කාලය ගෙවී ගියා. ඒ පණිවිඩය ලබා දී සිව් මසකට පමණ පසු නයනි මට ඇමතුමක් ලබා ගත්තා. මම ඇමතුම සමඟ සම්බන්ධ වූ ක්ෂණයකින් ඇය කරන්නට ගත්තේ හැඬීමයි. ගර්භනී මවකට විවිධ සංකූලතා ඇති විය හැකි හෙයින් මම ඉවසීමෙන් ඇයට සවන් දුන්නා. නමුත් ඇය හඬන්නේ කිසිම ගර්භනී සංකූලතාවයක් නිසා නොවන බව ඊළඟ මොහොතේ මට තේරුම් ගියා.

“සාරංග මාව රවට්ටලා මිස්. එයා කැත විදියට මාව රවට්ටලා.”

ඇය හඬමින් පැවසුවේ එහෙම කතාවක්. මම ඇයට දිගටම කතා කරන්න ඉඩ හැරියා.

“මම ඩොකියුමන්ට් එකක් හදන්න එයාගේ ලැප්ටොප් එක ඉල්ලා ගත්තා. එයා ගර්ල් කෙනෙක් එක්ක ගත්තු ෆොටෝස් වගයක් සම්පූර්ණ ෆයිල් එකක් මට හම්බුණා.අනේ මට ඒවා දැකපු වෙලාවේ ඉඳලා කිසිම දෙයක් කර ගන්න බෑ. ඉවරයක් නැතුව ඇඬෙනවා. මං ඒ ෆොටෝස් දැකලා දවස් දෙකක්. මට තාම නින්දක්වත් නෑ.”

නයනි කියන්නේ හඬමින්. ඇය ගර්භනී මවක් වීම නිසා කම්පනයට ලක් වීම ඉතා නරක දෙයක්. ඒ නිසාම කල්පනාකාරීව ඇයට උපදේශනය ලබා දෙන්නට මට සිදු වුණා.

“අපි ලස්සන ජීවිතයක් අරන් ගියානේ. එයා මට චීට් කරේ ඇයි කියලා මට හිතා ගන්න බෑ.”

නයනි හඬන්නේ එසේ කියමින්. ඒ ඡායාරූප අදහා ගන්නට අසීරු සීමාවේ තිබූ නිසා ඇය හඬමින් ඒ ගැන සාරංගගෙන් විමසා තිබුණා.

“මේ දවස්වල ඔයා ප්‍රෙග්නන්ට්නෙ. මම ඕක ෆන් එකට කළේ. ඔය වගේ ඒවා සීරියස් කියලා හිතන්න ඔයාට පිස්සුද?”

සාරංග විමසා තිබුණේ බොහොම සැහැල්ලුවෙන්. එවැනි සබඳතාවයක් කලබල වීමට කිසිම හේතුවක් නොවන බවත් ඔහු එය කිසිම ගැඹුරක් ඇතිව කළ දෙයක් නොවන බවත් ඔහු දිගින් දිගටම පවසා තිබුණා.

“මිනිස්සු අනියම් සම්බන්ධතා හදාගන්නේ විහිළුවටද?”

නයනි අසා තිබුණේ තරහින්. ඇගේ කෝපය ඔහු සත පහකට  මායිම් කර තිබුණේ නෑ. ඒ වෙනුවට ඔහු පවසා තිබුණේ තාවකාලික සම්බන්ධතා තුළ අසරණ විය යුත්තේ අනියම් පෙම්වතිය මිස බිරිඳ නොවන බවයි.

“මං කීයටවත් ඔයාව අතාරින්නේ නෑ. මේ දවස්වල මට ඕනෑ දේවල් දෙන්න ඔයාට බෑ. ඒකයි මං මේ අෆෙයා එක කරන්නේ. “

සාරංගගේ ඒ කතාව නිසා නයනිට දැඩි පිළිකුලක් දැනී තිබුණා. ඇය මට කතා කරන අවස්ථාවේ සිටියේද ඒ පිළිකුල සහ අප්‍රසන්න බව සහිතවයි.

“හස්බන්ගේ අෆෙයා එකක් දැනගන්න එක ඕනෑම වයිෆ් කෙනෙක්ට ෂොක් එකක්. ඒත් මං ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට එයා මෙහෙම කැත වැඩක් කරපු එක මට දරා ගන්නම අමාරුයි.”

නයනි දිගින් දිගටම එසේ පවසා සිටියා.

“මගේ First trimester එක පුදුම අමාරුවක් මිස්”

නයනි පැවසුවේ කණගාටුවෙන්.ඇයට වතුර පවා අප්‍රසන්න වී තිබුණා. රැකියා ස්ථානයෙන් work from home පහසුකම ලබාගෙන ඇය නිවසට වී රැකියාව කරමින් සිටි කාලයක් ඒ.

“කන කන එක වමනෙ යනවා.වතුර ටිකක් බීපු ගමන් ඒක වැඩි වෙනවා.දෙහි බිව්වම ගෑස්ට්‍රයිටිස් එනවා. ඒත් මං හැමදෙයක්ම දරා ගත්තේ බබෙක් කියන්නේ අපේ හීනයක් වගේම ඊළඟ ස්ටෙප් එක වුණු නිසා.”

නයනි ජීවිතයේ අරමුණු වෙනුවෙන් ඒ තරමට කැප වෙමින් සිටියදී සැමියා අතින් සිදු වූ දෙය ඇයට මරු පහරක් වී තිබුණා.

“එයා මට කිව්වා මම පුඩිමක් වගේ පිම්බිලා කියලත්. එහෙම බොඩි ෂේමින් පවා මම විහිලුවට ගත්තේ. ඒත් එයාට මම කැතට පෙනිලා වෙන ගෑනියෙකුත් හොයා ගත්තම මම මේ බබාට උපත දෙන්නේ මොකටද කියලා පවා මට හිතුණා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here