බිඳ වැටුණු YouTube ජාලය යථා තත්ත්වයට

0
4

පැවති තාවකාලික තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමෙන් අනතුරුව යූටියුබ් (YouTube) ජාලය මේ වනවිට යළිත් ලොව පුරා යථා තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා පරිශීලකයින්ට මීට සුළු වේලාවකට පෙර මුහුණ දීමට සිදු වූ පිවිසීමේ බාධා (Something Went Wrong) දැන් ඉවත් වී ඇති අතර, සාමාන්‍ය පරිදි වීඩියෝ නැරඹීමට හැකිය.

අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර ඇති බව වාර්තා  විය.

සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Downdetector සඳහන් කළේ, YouTube සම්බන්ධයෙන් ගැටලු වාර්තා 321,958ක් ලැබී ඇති බවය.

එමෙන්ම, YouTube TV සේවාව සම්බන්ධයෙන් 8,923ක් ද, Google සම්බන්ධයෙන් 2,694ක් ද ගැටලු වාර්තා වී තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here