බැලස්ටික් මිසයිල 9ක්, කෲස් මිසයිල 6ක් සහ ඩ්‍රෝන යානා 148ක් බිම හෙළූ බව UAE කියයි

0
4

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් බැලස්ටික් මිසයිල නවයක්, කෲස් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 148ක් සාර්ථකව බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉරාන ප්‍රහාර ආරම්භයේ සිට, රට දෙසට එල්ල වූ බැලස්ටික් මිසයිල 174ක් එල්ල වූ බවත්, ඉන් 161ක් විනාශ වී ඇති අතර, 13ක් මුහුදට වැටී ඇති බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉරාන ඩ්‍රෝන යානා 689ක් ද ක්‍රියාත්මක වී ඇති අතර, ඉන් 645ක් විනාශ කර ඇති අතර, ඉන් 44ක් භූමිය තුළට එල්ල වී ඇති  බවද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රහාර අතරතුර පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 68 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ප්‍රහාර හේතුවෙන් සිවිල් දේපොළ ගණනාවකට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ හානි සිදුව ඇති බව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශ තවදුරටත් සඳහන් කළේය. 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here