බැඳල ජීවත්වෙන්න යන්නෙ මහ ගෙදරද?

0
12


“ඔයාලා කොහෙද මැරි කරල ජීවත් වෙන්න යන්නෙ?”

සුලෝචනා එහෙම ඇහුවෙ නෙක්ස්ට් මන්ත් එකේ මැරි කරන්න ඉන්න කාව්‍යා ගෙන්.

කාව්‍යාගේ ගෙවල් ගාල්ලෙ. කාව්‍යා බඳින්න යන මිලින්ද කොළඹමයි. ඉතින් රස්සාව කරන්නෙත් කොළඹම නිසා දෙන්නටම කොළඹ ඉන්න තමයි වෙන්නේ.

“මිලින්ද ඉතින් එකම ළමයනෙ. එයාලගෙ අම්මල ආස නෑ අනේ අපි වෙනම ඉන්නවට, අනික ඉතින් එහෙම වෙන් කරන එකත් පව් නේ. අපි එහේම තමයි ඉන්නේ”

කාව්‍යා හිනාවෙවී එහෙම කිව්වෙ කම්පියුටර් එකෙන් තමන්ට ආව ඊමේල් පණිවිඩයකට උත්තරේ ටයිප් කරල සෙන්ඩ් කරන ගමන්මයි.

“හාපෝ ඔය නම් මහ විනාසයක් කරගන්න යන්නේ”

සුලෝචනාගෙ ඒ වචනත් එක්ක තිගැස්සුණ කාව්‍යා එහෙමම පුටුව හරවගෙන සුලෝචනාගෙ පැත්ත හැරුනෙ ඇයි එහෙම කිව්වෙ කියන ප්‍රශ්නෙ ඇස් වල තියාගෙන.

“ඔයා දන්නෙ නෑ අනේ ඔය නැන්දම්මල එක්ක ඉන්න ගියාම වෙන ප්‍රශ්න. අන්තිමේ කසාදෙත් කැඩිල නතර වෙන්නෙ”

“අනේ එයාලගෙ අම්ම මට හරි ආදරෙයිනේ. මම බෝඩිමේ ඉන්න නිසා මට කෑමත් හදල එවනව”

“ඔව් ඒ දැන්නෙ. බැන්දම ඔයාට තේරෙයි මහ ගෙවල්වල ඉන්න ගියාම තියෙන රඟේ”

මේ කතාව අහන්න ලැබුනෙ කාව්‍යයට ව්තරක් නෙවෙයි අපිත් ඕන තරම් අහල තියෙනවනේ.

කසාද බැඳල මහ ගෙවල්වල ජීවත් වෙන්න යන එක ගැන සමාජය ඇතුලෙ තියන මතය එච්චර හොඳ එකක් නෙවෙයි. අපි හිතනව ඒක ප්‍රශ්න ඇති කරන විදියක්. හිතේ නිදහස නැති කරන විදියක් කියලා.

ඉතින් අපි හිතුවා අද ලිපියෙන් මේ “විවාහයෙන් පස්සෙ මහගෙදරක ජීවත් වෙන්න යන ඔයා දැනගත යුතු කරුණු” ගෑන කතාකරන්න.

මහගෙදරක, තවත් අය එක්ක ජීවත්වෙද්දි අපිට අපේම තැනක ඉද්දි දැනෙන නිදහස සම්පූර්ණයෙන්ම දැනෙන්නෙ නෑ.

හැබැයි එහෙමයි කියල අපිට වගකීමකින් නිදහස වෙන්නත් බෑ.

මහගෙවල්වල එක එක විදියෙ මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඔය ඕපදූප කේලම් වගේ දේවල් අහන්න ලැබෙන්න තියෙන ඉඩකඩ මාර වැඩි. හැබැයි ඔයාට එක දෙයක් ඇවිල්ල කියන කෙනාටම පුලුවන් තව කෙනෙක්ට ගිහිල්ල ඔයා කිව්ව කියල වෙනම දෙයක් කියන්න.

මේවට ඇහුන්කම් නොදී ඉන්න කියන්න අපිට බෑ. අහන්න, හැබැයි උත්තර නම් බඳින්න යන්න එපා කීයටවත්. ඔයා යම් දෙයක් කියන්න හිතාගෙන ඉන්නවනම් හැමතිස්සෙම ඒක අදාල පාර්ශ්වය එක්ක විවෘතව කතා කරන එක වඩාත් හොඳ බව මතක තියාගන්න.

දෙයක් ලබාගන්න දෙයක් දෙන්න ඕන කියල කතාවක් තියෙනවනෙ.

ඉතින් ඔයාගෙ නිදහස ලබාගන්න නම් ඔයා ඒ ගෙදර ඉන්න අනිත් මිනිස්සුන්ගෙ නිදහසට ගරු කරන්නත් ඕන.

එකම ගෙදරක ජීවත් වුනත් ඒ ගෙදර ඇතුලෙ වෙන වෙනම පවුල් කීපයක් තියෙන්න පුලුවන් නේ. ඉතින් ඔයාගෙ පවුලෙ ඇතැම් විස්තර පිටට දෙන්න ඔයා අකමැති වගේම අනිත් මිනිස්සුන්ගෙ පෞද්ගලික කාරණාවලට ඔයාට හොට දාන්න යන්නත් එපා.

තමන්ගෙ ගෙදරදි පොල් රැල්ලක්වත් නොගා, කොස්සක් අල්ලන්නෙවත් නැතුව ඉන්න පුලුවන් උනාට මහගෙවල්වල පවුල් කීපයක් එක්ක එකට ජීවත් වෙද්දි කාමරේ අස්සටම වෙලා ඉඳල කන්න විතරක් එළියට එන මනුස්සයෙක් වෙන්න බැරි බව මතක තියාගන්න.

ඒ ගෙදර ඔයාගෙත් ගෙදර. ඒ නිසා තමයි ඔයා ඒ ගෙදර වැඩ රාජකාරිවලට උදව් වෙන්න ඕන. එහෙම නැතුව මේ ළමාතැනී වගේ ඉන්න හිතන් ඉන්නවනම් අනේ මේ කසාද බඳින්න ඕන නෑ ගෙදරට වෙලා ඉන්න.

නාකි උනාම වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් නැති වෙන හන්දා ඇඳ ළඟ ටැප් එකක් හයි කරගන්න.

ඒ පවුලෙ මිනිස්සු ඔයාට ගොඩක් දේවල්වලට උදව් කරන්න පුලුවන්, ඔයාව අගයන්න පුලුවන්. ඉතින් ඒ කැපකිරීම අගයන්න අමතක කරන්න එපා.

ඕනම කෙනෙක් ආසයි තමයි කැපකිරීමක් අගයනවට. ඉතින් පුංචි Thank you එකකින් ඒ මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න පුලුවන් ඉඩ පණ්ඩිතකම, ලොකුකම නිසා අතෑරගන්න නම් එපා ඔන්න.

හිතවත්කම හදාගන්න කියල ඕන එකයි එපා එකයි හැම එකම ඒ මිනිස්සු එක්ක කියන්න යන්න එපා. අන්තිමේ ඔයාගෙ අතිශය පෞද්ගලික දේවල් වලටත් ඒ මිනිස්සු හොට දාන්න ආවම රණ්ඩු සරුවල් ඇති කරගන්න හිතන්නත් එපා.

ඊට වඩා හොඳයි මුල ඉඳල කිව යුතු දේ මොකද්ද, කල යුතු දේ මොකද්ද කියල හොඳින් තේරුම් අරගෙන තමන්ට සීමා මායිම් දාගෙන ජීවත් වෙන එක.

එතකොට ඔය හිත් රිදීම්, බැණ අඬ ගැසීම් වගේ දේවල් අඩු කරගන්න පුලුවන් සෑහෙම.

එක ගෙදරක ජීවත් වෙද්දි අනිත් කෙනාගෙ රුචි අරුචිකම් ගැන හොඳට මතක තියාගන්න ඕන කියන එක අමතක කරන්න එපා. පොඩිම දෙයක් උනත් මතක තියාගන්න එක ගොඩක් වැදගත්.

සමහරවිට එයාලා හවසට තේ බොනව. ඔයා තේ බොන්නෙ නැති කෙනෙක්. හැබැයි බොන්නෙ නැති උනාට ඔයාට පුලුවන් එයාලට තේ හදල දෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here