බාල චීන පොහොර ගෙන්වීමේ සිද්ධියට මහින්දානන්ද හිරේට

0
5


හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අද (19) දහවල් අදාළ නඩුව කැඳවමින්, හිටපු අමාත්‍යවරයා යොමු කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි දසත අධිකරණ වාර්තාකරුවන් පැවසුවේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ සැකකාර හිටපු අමාත්‍යවරයා ව මැයි 26 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

චීනයෙන් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ චෝදනාවට එරෙහිව සිදු වන නඩු විභාගයක් සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here