බ්‍රිතා­න්‍ය නියෝජ්‍ය අග­මැති හෙට දිව­යි­නට

0
4

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අපේ­ක්ෂා­වෙන් බ්‍රිතා­න්‍යයේ නියෝජ්‍ය අග­මැති ඩේවිඩ් ලැමි (David Lammy) මහතා නිල සංචා­ර­යක් සඳහා හෙට (17) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

මේ සංචා­ර­යේදී ඒ මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය සහ විදේශ කට­යුතු, විදේශ රැකියා හා සංචා­රක ඇමැති විජිත හේරත් මහත්ම මහ­ත්මීන් හමුවී සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

මේ සංචා­රයේ ප්‍රධාන අර­මු­ණක් වන්නේ ‘ළමා රැක­ව­ර­ණය පිළි­බඳ ගෝලීය ව්‍යාපා­රයේ ප්‍රඥ­ප්ති­යට’ (Charter for the Global Campaign on Children’s Care) අදාළ ගිවි­සු­ම­කට අත්සන් තැබී­ම­ටය.

අඟ­හ­රු­වාදා පෙර­ව­රුවේ දිව­යි­නට පැමි­ණෙන ලැමි මහතා ශ්‍රී ලංකා නාය­ක­යන් සමඟ සාකච්ඡා පැවැ­ත්වී­මෙන් අන­තු­රුව එක්සත් ජාතීන්ගේ කාර්යා­ලයේ පැවැ­ත්වෙන ළමා රැක­ව­රණ ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ ගෝලීය ප්‍රඥප්ති උත්ස­ව­යට සහ­භාගී වනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here