බ්‍රිතාන්‍යයේ අලුත් නීතිය ලංකාවට බලපාන්නේ කෙසේද?

0
6


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක පුරවැසියන් එක්සත් රාජධානියට ඇතුල්වීමේ දී බලපාන නවතම නීති පිළිබඳව ඊයේ (12) නිවේදනය කර තිබිණි.

එරට ස්වදේශ කටයුතු පිළිබඳ කාර්යාලය නිකුත් කළ නිල නිවේදනය පදනම් කර ගනිමින් බීබීසී සිංහල වෙබ් අඩවිය තබා ඇති විමර්ශන සටහන සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

එක්සත් රජධානියට සංක්‍රමණිකයින් ඇතුළු වීම සීමා කිරීම සඳහා වන ආගමන ධවල පත්‍රිකාව අද (මැයි 12) නිකුත් කෙරිණි.

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය නිවේදනය කළේ, ‘ආගමන ධවල පත්‍රිකාවෙන් නිකුත් කරන ලද කරුණු හරහා උපාධිධාරීන් සහ සේවකයින් සඳහා ඉහළ කුසලතා ප්‍රමිතීන් සහිතව, ආර්ථික වර්ධනයට වැඩි ම දායකත්වයක් සපයන්නන් වෙනුවෙන් අපගේ ආගමන පද්ධතිය නැවත සකස් කරනු ඇත,’ යනුවෙනි.

මෙම ධවල පත්‍රිකාව තුළින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපාන ප්‍රතිපත්ති කිහිපයකට එළඹ තිබේ.

මෙම ප්‍රතිපත්ති මේ වන විටත් එක්සත් රාජධානියේ සේවය කරන්නන්ට මෙන් ම, ඉදිරියේදී එරටට ශිෂ්‍ය හෝ රැකියා වීසා මත යාමට සූදානම් වන්නන්ට ද ඍජුව බලපානු ඇත.

ආගමන ධවල පත්‍රිකාව මගින් එක්සත් රාජධානියේ ආගමන ප්‍රතිපත්ති රැසක් සංශෝධනය කර තිබේ.

ඉන් ප්‍රධාන ප්‍රතිපත්ති කිහිපයක් පහත දැක්වේ.

පුහුණු සේවක සීමාව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

එහිදී, කුසලතා පදනම මත වීසා නිකුත් කිරීමේදී සලකනු ලබන කුසලතා මට්ටම ප්‍රථම උපාධිය දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව, ඊට අදාළ වැටුප් සීමාවන් ද ඉහළ යනු ඇත.

සත්කාර වීසා (social care visas) සඳහා විදේශ බඳවා ගැනීම් අවසන් කෙරේ. සමාජ සත්කාර වීසා සඳහා විදේශයන්ගෙන් ලැබෙන නව අයැදුම්පත් නතර කෙරේ.

2028 දක්වා සංක්‍රාන්ති කාලයක් සඳහා, ශ්‍රම බළකා උපාය මාර්ගය සංවර්ධනය කර ක්‍රියාත්මක කරන අතරතුර, දැනටමත් එක්සත් රාජධානියේ සේවය කරන්නන්ට වීසා දීර්ඝ කිරීම් සහ රට තුළ මාරුවීම් සඳහා අවසර තිබේ.

මෙය සමාලෝචනය යටතේ තබා ගනු ඇත.

ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සඳහා සියලු ම අනුග්‍රාහක අවශ්‍යතා දැඩි කෙරේ.

ඒ අනුව, බඳවා ගත හැකි නව ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමා පැනවීම ඇතුළුව නව මැදිහත්වීම් හඳුන්වා දෙනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here