බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම ඉහළට

0
4

වර්තමානය වනවිට මෙරට තුළ බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එහිදී සෞඛ්‍ය අංශ අනාවරණය කළේ, පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ ජලභීතිකා රෝගින් වැඩිම ප්‍රමාණයකට එම රෝගය බෝවීම සිදුවූ තිබුණේ මහමඟ සිටීන සුනඛයින් සපාකෑම නිසා නොව, නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් සපාකෑම නිසා බවයි.

බල්ලන්, පූසන්, ලේනුන්, මුගටින් වැනි සතුන් සපාකෑම හේතුවෙන් බෝවන ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයක් ලෙස සැලකෙයි.

සෞඛ්‍ය අංශ අනාවරණය කරන පරිදි වසරකට මෙරටින් සුනඛ සපාකෑම් පමණක් 250,000-300,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.

“ජලභීතිකා රෝගය සියයට සියයක් එය මාරාන්තික රෝගයක්. ලෝකයේ වුවද ඉතාම සුළු පිරිසක් තමයි ජලභීතිකා රෝගයෙන් දිවි ගලවා ගෙන තියෙන්නේ. බල්ලන්, පූසන්,නරි,ලේන්නු, දඬු ලේන්නු, උගුඩුවෝ, මුගටීන්, හරක්, අශ්වයින් මේ ඕනෑම සතෙක් සපා කෑමෙන් බෝ වෙන්න පුළුවන්” 

“සතුන්ගේ මොළය සාම්පල පරීක්ෂා කිරිමේදී බළලුන් අතර ජලභීතිකාව ඉහළ යාමක් තියෙනවා. බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම කොළඔ, ගම්පහ දිස්ත්‍රික්කවල බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. බළලුන් සපා කෑම පිළිබඳව ඉතාම කල්පනාකාරී වෙන්න ඕනි. බළලුන්ගේ සීරීම සපා කෑම තරම්ම දරුණුයි” 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here