බහුදින ධීවර යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671ක් සහ හෙරොයින් මත්කුඩු කිලෝ 191ක් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම සැකකරුවන් 7 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් අද (06) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර නොමැති බැවින් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරුවන් පොලිසිය භාරයේ දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන්නා.
Saru FM Media