මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් මගී ප්‍රවාහන බස් රථ ධාවනයට යොදා ගැනීමෙන් වැළකීමේ වගකීම පෞද්ගලික බස් රථ හිමියන් සතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කිරීමත් සමඟ බස් ගැමුණු නමින් හැඳින්වෙන පුද්ගලයා මිනිස් ජීවිත තර්ජනයට ලක් කෙරෙන ප්‍රකාශයක් කර තිබේ.
මාධ්‍ය හමුවක් පවත්වමින් බස් ගැමුණු ප්‍රකාශ කර තිබෙන්නේ රට පුරා බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. ඔහු විවිධ අවස්ථාවල දී බස් රථ සංගම් නියෝජිතයෙකු ලෙසින් පෙනී සිටිමින් පොදු ජනතාවට එරෙහිව මෙවැනි තර්ජන රැසක් කළ පුද්ගලයෙකි.
විධිමත් ආරක්ෂාකාරී සහ වගකීමෙන් යුතු බස් මගී ප්‍රවාහන සේවාවක් සඳහා වත්මන් ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින අතර, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම සැලසුම් ක්‍රියාත්මක කර තිබේ. එහෙත් බස් ගැමුණු එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තර්ජනය කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන්ගේ ආරක්ෂකයා වෙමිනි.
7
Saru News








