බස් ගාස්තුව වැඩි කරන්න ඉල්ලයි

0
12

ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ එළැඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය වන බවයි.

වර්තමානය වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ධාවනය අපහසු වී ඇති බවත් පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මින් පෙර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2-3ත් අතර ප්‍රමාණයක් ධාවනය කළ හැකිවූ නමුත්, එම ප්‍රදේශ ආශ්‍රිතව ඩීසල් ලීටරයකින් වර්තමානයේ ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 2කටත් වඩා අඩු ප්‍රමාණයක් වන බවයි.

ඒ අනුව බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 5-6ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු බවය.

විජේරත්න මහතා මෙසේද පැවසීය : “මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කඩිනමින් බස් ගාස්තු වැඩි කරන්න අපිට බොහෝ දුරට ඉල්ලීමක් කරන්න වෙනවා. මොකද ලබන ජුලී මාසේ වෙන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලීමක් කරන්න වෙනවා ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට අවශයයි කියලා. හේතුව තමයි ලංකාවේ ධානය කරන්නේ කෙටි ගමන් සේවා බස් රථ. ලංකාවේ 13,000- 14,000ක බස් රථ බල ඇණියක් තියනවා ලංකාවේ. සාමාන්‍යයෙන් 6,000- 7,000ක වැඩිපුර බස් රථ. දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරන්න හැකියාවක් නැහැ. ඉස්සර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට ආදේශ කරලා තිබ්බේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩීසල් ලීටරයකට ධාවනය කරන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 2.5ක් හෝ 3වගේ ප්‍රමාණයක්. දැන් ඒක තවත් අඩුවෙලා තියනවා දැන් කිලෝමීටර් 2වත් ධාවනය කරන්න බැහැ. මොකද අධික මාර්ග තදබදය නිසා.”

“දැන් අවුරුදු එකහමාරක් වෙනවා ආණ්ඩුව ඇවිල්ලා. මොනාද කළේ ආණ්ඩුව. මොනාද පොදු ප්‍රවාහන සේවයට කළේ බිමල් රත්නායක අමාත්‍යවරයා. එයාලාගේ සභාපතිවරු ඉන්නවා පට්ට දූෂිතයි අපි වගකීමෙන් කියන්නේ. පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය කරන්න කටයුතු කරන්න නැත්නම් අපිට ඉදිරි මාස කිහිපය තුළ ගාස්තු වැඩි කිරීමක් ඉල්ලන්න. පසුගිය කාලේ පුරාම අපි ඉවසන් හිටියා. මොකද පොදු ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. රටේ ජනතාව දැනගන්න ඕනේ පෞද්ගලික බස් රථ සේවාව නියාමනය කරන්නේ අපි නෙමෙයි… බස් ගාස්තු සම්බන්ධව සමාලෝචනයක් කරන්න කියලා අපි ඉල්ලනවා මොකද ඇස්කන් පියාගෙන ඉන්න හැකියාවක් නෑ. අඩුම වශයෙන් කෙටි සේවා තව රුපියල් 5-6ක් වත් වැඩි කරන්න වෙනවා අවම ගාස්තුව”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here