
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු 2025 මැයි මස 5 සහ 6 යන දිනවල වසා තැබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්. ධම්මිකා තේ. විජයසිංහ මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් දැනුම් දී තිබේ.
2025 මැයි 6 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා මුදා හැරීමට සිදුවීම මෙම තීරණයට හේතුව බව නිවේදනයේ සඳහන් කර ඇත.
වාහන හිමියන්ට සහනයක් ලෙස, සාමාන්‍යයෙන් බලපත්‍ර කල් ඉකුත් වීම සම්බන්ධයෙන් අය කරනු ලබන දඩ මුදල් මෙම විශේෂ අවස්ථාවේදී අය නොකෙරෙන බවද නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව, බලපත්‍ර ලබා ගැනීමේ අවසාන දිනය 2025 මැයි 5 හා 6 දිනවලට යෙදී ඇති වාහන හිමියන්ට, මැතිවරණයෙන් පසු බලපත්‍ර කාර්යාල නැවත විවෘත කරන පළමු දිනයේදී දඩ මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ගාස්තු පමණක් ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

Saru FM Media