බස්නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක, මිනුවන්ගොඩ මාබොදල ක්ෂේත්‍රාරාම පුරාණ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය වැල්ලෑවේ ශ්‍රී චන්දානන්ද නා හිමියන් අපවත් වෙයි

0
11


බස්නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක, පංචමහා විහාරාධිපති මිනුවන්ගොඩ මාබොදල ක්ෂේත්‍රාරාම පුරාණ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය වැල්ලෑවේ              ශ්‍රී චන්දානන්ද නා හිමියන් අපවත් වී තිබෙනවා. 

මහජන ගෞරවය සඳහා උන්වහන්සේගේ දේහය හෙට උදෑසන 09 දක්වා මිනුවන්ගොඩ මාබොදල ක්ෂේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇති. 

පසුව 26 වනදා පස්වරුව දක්වා උන්වහන්සේගේ දේහය උල්ලලපොල ශ්‍රී සුගතවනාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිතයි.
පූජ්‍ය වැල්ලෑවේ ශ්‍රී චන්දානන්ද නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 26 වනදා පස්වරු 02ට සිදු කෙරෙනවා. 

1962 වසරේ උපත ලද උන්වහන්සේ මල්වතු මහා විහාර පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය හිමියන් ලෙසද කටයුතු කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here