බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට

0
6


බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

හලාවත පුත්තලම මාර්ගයේ දැදුරුඔය මාර්ග බාධකයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී බලපත්‍ර නොමැති ඖෂධ තොගයක් සොයාගත් බවයි හලාවත පොලිසිය පැවසුවේ. 

අදාළ වෑන් රථයේ තිබී ඖෂධ බවට අනුමාන කළ හැකි පෙති අඩංගු ඇසුරුම් 64ක් සොයාගෙන තිබෙනවා.

වෑන් රථය පැදවූ කාන්තාවට එම ඖෂධ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි කුමාරකට්ටුව, හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර, බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙකුද මාන්කුලම්, මේලිවනම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ මාන්කුලම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලිමකදීයි. 

එහිදී බලපත්‍ර නොමැතිව ඉරා පලු කරන ලද දැව කඳන් 224ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඕලුමඩු අඩවි වන කාර්යාලය වෙත භාර දී තිබෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here