බබාට කෑම හදමු – ලිපි අංක 4

0
16


පුංචි බබාලගේ කෑම ආරම්භය ගැන කතා කරනකොට දෙන මූලික ආහාර වර්ගයක් විදියට බතල හරි ප්‍රසිද්ධයි. ගොඩක් අම්මලා කහ බතල තම දරුවන්ට ලබා දෙන්න උත්සහ කරනවා. නමුත් දරුවන් ටික ටික ලොකු වෙනකොට බතල වලට තියෙන ඉල්ලුම සැලකිල්ල චුට්ටක් අඩු වෙන බවක් අපිට පේනවා. දරුවන් විතරක් නෙමෙයි අම්මලා තාත්තලත් බතල කන්න මැලි වෙනවා. ඒ බතල පිළිඹඳ අපිට තියෙන්නේ අඩු දැනුමක් නිසා. ඒ නිසා අපි අද ලිපියෙන් බතල ගැන ටිකක් කතා කරමු. මම සොයාගත් තොරතුරු සංක්ශිප්ත ලෙස මේ ලිපියේ සඳහන් කරන්න මම බලාපොරොත්තු වෙන අතරම බබාලට බතල වලින් හදා ගන්න පුලුවන් කෑම පිළිඹඳ අදහස් ටිකකුත් කියන්නම්.

බතල කියන්නේ පිශ්ඨය එහෙමත් නැත්නම් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක්. එනිසා දරුවන් ගේ ශරීරයට හොඳින් ශක්තිය සපයන ආහාරයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම බීටා කැරොටින්, විටමින් A, C හා E, පොටෑසියම්, කැල්සියම්, යකඩ වැනි තවත් පෝශ්‍ය කොටස් බහුල ආහාරයක් තමයි බතල​. තවත් විශේෂ දෙයක් තමයි බතල කියන්නේ අනෙක් අල වර්ග වලට වඩා තන්තුමය ගතිය වැඩි ආහාරයක්. ඉතින් ඔයාලට පේනවනේ, බතල කියන්නේ ලොකු පොඩි කාටත් ඉතා ගුණදායක දෙයක්.

sweetpotetos

අපි ගොඩක් අය දන්නේ රතු පොත්ත සහිත සුදු පාට මදය සහිත බතල වර්ගය සහ සුදු පොත්ත සහිත කහ පාට මදය  සහිත බතල වර්ගය විතරයි. නමුත් ඕගොල්ලෝ දන්නවද​, නිර්දේශිත බතල වර්ග 10ක් පමණ වෙළඳ පොලේ ඇති බව? ඒවායේ මදය සහ පොත්ත පාටවල් වල වෙනස්කම් තියෙනවා. කොහොම නමුත් මේ ඕනෑම බතල වර්ගයක් ගුණදායකයි.

(උපුටා ගත්තේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය​, ගන්නෝරුව​ web පිටුවෙන්)

ඔන්න අපේ අම්මලටත් හොඳ ආරංචියක් කියන්නම්. ඔයාලා කැරට් ජූස් එහෙම බොනව නේද සම පැහැපත් වෙන්න​? ඔයාලා දන්නවද​, බතල වල කැරට් වලට වඩා බීටා කැරටින් තියෙන බව​, කහ බතල වල ඒවා ගොඩක් වැඩියි. බතල වලිනුත් ජූස් හදාගෙන අම්මලාට බොන්න පුලුවන්. මම අන්තර්ජාලයේ සැරිසරද්දී දැක්කේ මේ තොරතුර​ බතල​,කැරට්, ඇපල්, ඉඟුරු චුට්ටක් එක්ක එකට බ්ලෙන්ඩ් කරලා ජූස් හදලා බොන්න පුලුවන් පැහැපත් වෙන්න​.

බතල කොහොමද අපි අපේ පැටියන්ට දෙන්නේ..? පුංචි බබාලට ආහාර ආරම්භ කරන මුල් කාලයේ සිටම බතල කවන්න පුලුවන්. බතල පොත්තේ ගුණය ඉතාමත් වැඩි යි. ඒ කියන්නේ අපි මේ ලිපියේ මුලින් කතා කල පෝශ්‍ය කොටස් වැඩි ප්‍රමාණයක් බතල පොත්තේ අඩංගු වෙනවා. ඒ නිසා බතල හොඳට සෝදා, පිරිසිදු කරගෙන පොත්ත සම්ඟ කෑමට ගන්නවනම් අපි හැමෝටම හොඳයි. කාබනික බතල ඔබට හොයාගන්න තියෙනවනම් වඩාත් හොඳයි. අද කාලයේ කොයි දේටත් රසායනික පොහොර භාවිත කරන නිසා, අපිට අකමැත්තෙන් උනත් පොත්ත ඉවත් කරන්න වෙනවා.. අම්මලා මොකද ඒක ගැන හිතන්නේ? ඔයාලගේ අදහසුත් අපිට කියන්න​. කොහොම වුනත් බතල පොතු ඇරලා, පොඩියට කපලා ජල වාශ්පයෙන් තම්බා ගන්න පුලුවන් ඉක්මනින්ම​. මම මගේ පැටියට බතල ලේසියෙන් හදා ගත්තේ ඒ විදියටයි.

බතල වලින් හදා ගන්න පුලුවන් කෑම වර්ග සඳහා අදහස් කීපයක් මම ඉදිරිපත් කරන්නම්. ඔයාලත් හදලා බලන්නකෝ…

තවත් ඔබ දන්නා රෙසිපි තිබේනම් කමෙන්ට් කරන්න​.

මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණීන් ආවරණය කරන්න උත්සාහ ගත්තා. ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here